Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වයඹ රාජකීය අවසන් පූර්ව වටයට
17න් පහළ ක්‍රිකට් තරගාවලිය

වයඹ රාජකීය අවසන් පූර්ව වටයට

editorial - 2025 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය සමත්විය.

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 25 කට සීමාවිය. මෙම තරගයේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය කඩුලු 8ක ජයක්  හිමිකර ගැනීමට සමත්විය.


තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 9 ට 82 යි
(ඔෂාන් විභාෂිත 34, ඉමංජිත් භාතික 8/2, ඔවීන් සහස් 09/2, මළිඳු ගයන්ත 10/2)

කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය - ඕවර 14.4 කදී කඩුලු 2 ට 76 යි
(ඉමංජිත් භාතික නොදැවී 30, සෂ්මිත අනුහස් නොදැවී 19, සංජන සචේන්ද්‍ර 29/2)


අදහස් (0)

වයඹ රාජකීය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.