(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා සාන්ත තෝමස් කුමර විද්‍යාලය අතර පැවැත්වු 124 වැනි රුහුණු මහා නිල් සටන ක්‍රිකට් තරගය අද (24) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. මෙම වාර්ෂික ක්‍රිකට් තරගය තෙදිනක් පුරාමාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේ දී පැවැත්විණි.
මෙම තරගයේ පලමු ඉණිම වෙනුවෙන් සාන්ත සර්වේශස් විද්‍යාලය ලබා ගත්තේ පන්දු ඕවර 43 දී සියලු දෙනා දැවී ලකුණු 131 ක් පමණි. ඊට පිලිතුරු ලෙස සාන්ත තෝමස් කණ්ඩායම පලමු ඉණිම වෙනුවෙන් පන්දු ඕවර 105 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 200 ක් ලබා ඉණිම අත්හිටුවන ලදි.
තරගයේ පලමු ඉණිමේ වාසිය තෝමසුවන් දිනා ගැනීමට සමත් විය. එහිදී එම කණ්ඩායමේ කුමේෂ් නුවන්ජන නොදැවී ලකුණු 53 ක් ලබා ගෙන අර්ධ ශතකයක් වාර්තා කලේය. සර්වේශස් කණ්ඩායමට වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු විරාන් චමුදිත ලකුණු 51 කට කඩුලූ 06 ක් බිද දැමීමට සමත් විය.
ශාන්ත සර්වේශස් කණ්ඩායමේ දෙවැනි ඉණිමේදී දක්ෂ පිති හරඹයක නිරත වු විශ්ව සුපුන් ලකුණු 106 ක් ලබා ගනිමින් මෙම තරගයේ ශතකයක් වාර්තා කල එකම පිතිකරුවා බවට පත් විය.
ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 167 ක ඉලක්කයක් අවශ්‍ය වී තිබුණි. ඒ වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත තෝමස් කණ්ඩායම තරගයේ තෙවන හා අවසන් දිනය නිමා වන විට ඕවර් 04 කදී කඩුල්ලක් දැවී ලකුණු 22 ක් රැස් කලේය.
තරගයේ දක්ෂතම පිතිකරුවන් ලෙස සාන්ත සර්වේශස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 106 ක් රැස් කල විශ්ව සුපුන් ද සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 53 ක් රැස් කල කුමේෂ් නුවන්ජන ද සම්මාන දිනා ගත්හ. ශතකයක් වාර්තා කල විශ්ව සුපුන් ක්‍රීඩකයා හට සර්වේශස් ආදි ශිෂ්‍ය සංගමය මුදලින් රුපියල් 50,000 ක්ද සනත් ජයසූරිය රුපියල් 50,000 ක්ද තවත් ආදි ශිෂ්‍යයෙකු රුපියල් 25,000 ක්ද ලෙස මුදලින් රුපියල් 125,000 ක් හිමි විය.
දක්ෂතම පන්දු යවන්නන් ලෙස සර්වේශස් විද්‍යාලය වෙනුවෙන්ලකුණු 51 කට කඩුලු 06 ක් ලබා ගත් විරාන් චමුදිත ද සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 44 කට කඩුලු 5 ක් ලබා ගත් ගත් නවිජ ද සේරම් සම්මාන දිනා ගත්හ. දක්ෂතම පන්දු රකින්නන් ලෙස සර්වේශස් විද්‍යාලයේ දිනිරු අබේවික්‍රමසිංහ සහ සාන්ත තෝමස් විද්‍යාලයේ අබ්දුල් මජිඩ් සම්මාන දිනා ගත්හ.
ජය සංකේත ප්‍රදානය සදහා ශාන්ත සර්වේශස් ආදි ශිෂ්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, සාන්ත තෝමස් ආදි ශිෂ්‍ය හා ව්‍යාපාරික සුජිත් සමීර, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී, ශාන්ත සර්වේශස් විදුහල්පති එච්.කේ.එල්.බී.විරාජිත් සහ සාන්ත තෝමස් විදුහල්පති පී.ඒ.වීරක්කොඩි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ
සාන්ත සර්වේශස් විද්‍යාලය - පලමු ඉණිම සියලු දෙනා දැවී 131
(විශ්ව සුපුන් 32, රිසිනු කිත්නුක 28, නවිජ ද සේරම 44/5, රිසිනු කිත්නුක 26/2, ලෝෂිත ඩික්සිත් 26/2)
සාන්ත තෝමස් විද්‍යාලය - පලමු ඉණිම කඩුලු 9 ට 200
(කමේෂ් නුවන්ජන නොදැවී 53, කවිජ ද සේරම් 49, විරාන් චමුදිත 27/6)
සාන්ත සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉණිම 236
(විශ්ව සුපුන් 106, දිනිරු අබේවික්‍රමසිංහ 56, රවීන් කවින්ද 35, පෙසදු සංජාන් 27/3, නවිජ ද සේරම් 64/2)
සාන්ත තෝමස් විද්‍යාලය - දෙවන ඉණිම කඩුල්ලක් දැවී 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.