Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රිච්මන්ඩ් - ත්‍රිත්ව අවසන් තරගය හෙට

රිච්මන්ඩ් - ත්‍රිත්ව අවසන් තරගය හෙට

editorial - 2022 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ ‘ඒ’ කොටසේ අවසන් මහ තරගය ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී හෙට (2 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේ අනු ශූරතාව හිමිකරගනු ලැබුවේ රිච්මන්ඩ් කණ්ඩායම විසිනි. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි. තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර එහිදී ඔවුන් කණ්ඩායම් 9 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ තරග වැදිණ. 

මූලික වටයේදී සහභාගි වූ තරග 8 ම ජයගත් රිච්මන්ඩ් විදුහල, ඔවුන් නියෝජනය කළ අනු කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ශාන්ත ජෝෂප් විදුහලත්, අවසන් පූර්ව වටයේදී කොටහේන ශාන්ත බෙනඩික් විදුහලත් පරාජය කළ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සිය අපරාජිත බව රැකගනිමින් අවසන් මහ තරගයට පිවිසියහ.

මූලික වටයේදී සහභාගි වූ තරග 8 න් 5 ක් ජයගත් ත්‍රිත්ව විදුහල, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඔවුන් නියෝජනය කළ අනු කාණ්ඩයේ තෙවැනියා ලෙසිනි. කෙසේ වුවත් අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලත්, අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් පරාජය කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. 

මෙවර තරගාවලියේදී තරින්ද නිර්මාල් විසින් රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර රහල් අමරසිංහ විසින් ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබේ. 

 


අදහස් (1)

රිච්මන්ඩ් - ත්‍රිත්ව අවසන් තරගය හෙට
  • indika Saturday, 03 December 2022 03:22 PM

    ත්‍රිත්ව විදුහල දිනුම්... !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.