Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රාජකීයයෝ වසර 7 කට පසුව නිල් මහ සටන ජයගනිති
මහ ක්‍රිකට් තරග -2023

රාජකීයයෝ වසර 7 කට පසුව නිල් මහ සටන ජයගනිති

editorial - 2023 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 144 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් ලකුණු 180 ක පහසු ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය. රාජයකීයයෝ මෙවර මහ ක්‍රිකට් තරගය ජයගත්තේ වසර 7 කට පසුවය.

මෙම තරගයට පෙර විදුහල් දෙකම ජයග්‍රහණය 35 බැගින් ලබා සම තත්වයේ පසුවූ අතර මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණයත් සමග පියවරක් පෙරට තබමින් ජයග්‍රහණය 36-35 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීයයෝ සමත් වූහ. රාජකීය විදුහල අවසන් වටර මහ ක්‍රිකට් තරගයක් ජයගෙන තිබුණේ 2016 වසරේදීය.

තරගයේ අවසන් දිනය වූ සෙනසුරාදා (18 වැනිදා) ජයග්‍රහණය සදහා ලකුණු 341 ක ඉලක්කයක් හඹාගිය සාන්ත තෝමස් විදුහලට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. සිනෙත් ජයවර්ධන, රමිරු පෙරේරා සහ නෙත්වින් ධර්මරත්න කඩුලු 2 බැගින් බිඳහෙළමින් රාජකීය විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

දෙවැනි දිනය වූ සිකුරාදා (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 168 ක් ලබා සිටි රාජකීයයෝ, අවසන් දිනය ආරම්භයේදී සිය ඉනිම අත්හිටුවමින් සාන්ත තෝමස් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ. රාජකීය පළමු ඉනිමේදී අගනා ශතකයක් ලබාගත් රමිරු පෙරේරා ඒ වන විට නොදැවී ලකුණු 46 ක් ලබා සිටියේය.  

පළමු ඉනිමේදී ශතකයක් (137) සහ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් (57) ක් ලබාගත් රාජකීය විදුහල් කණ්ඩායමේ නායක දසිස් මංචනායක තරගයේ වීරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන දිනාගත්තේය. රාජකීය විදුහලේ රමිරු පෙරේරා දක්ෂතම පිතිකරු ලෙසත්, උවිඳු වීරසේකර දක්ෂතම පන්දු රකින්නා ලෙසත්, සාන්ත තෝමස් විදුහලේ ආකාෂ් ප්‍රනාන්දු දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ.

 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 74 කදී කඩුලු 8 ක් දැවී 326
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී 153
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 168

(දසිස් මංචනායක 57, උවිඳු වීරසේකර 28, රමිරු පෙරේරා නොදැවී 46, ආකාෂ් ප්‍රනාන්දු 42/4)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 58.5 කදී සියලු දෙනා දැවී 161
(සෙනෙෂ් හෙට්ටිආරච්චි 46, චාරුක පීරිස් 22, සිනෙත් ජයවර්ධන 14/2, රමිරු පෙරේරා 25/2, නෙත්වින් ධර්මරත්න 27/2)

 


අදහස් (0)

රාජකීයයෝ වසර 7 කට පසුව නිල් මහ සටන ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.