Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රනුද - රහල් ත්‍රිත්ව විදුහල ඉහළට ඔසවති

රනුද - රහල් ත්‍රිත්ව විදුහල ඉහළට ඔසවති

editorial - 2022 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහේල - සංගා අභියෝග කුසලාන වෙනුවෙන් කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ත්‍රිත්ව විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටියේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රනුද සෝමරත්න (91) සහ රහල් අමරසිංහ (75) ත්‍රිත්ව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ. පළමු දිනය සඳහා තරගය නතර කරන විට මනුල කුලරත්න නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

නාලන්දා විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රවීන් ද සිල්වා ලකුණු 98 කට කඩුලු 4 ක් දවාගත් අතර ත්‍රිත්ව විදුහල් පිතිකරුවන් පීඩනයට පත් කිරීමට සඳහා රවීන්ට අනගි සහායක් දුන් ලිසුර සිගේරා ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.


ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 9 කට 267
(රනුද සෝමරත්න 91, රහල් අමරසිංහ 75, මනුක කුලරත්න නොදැවී 29, විදුක ධම්මගේ 23, රවීන් ද සිල්වා 98/4, ලිසුර සිගේරා 26/2)

-036

 


අදහස් (0)

රනුද - රහල් ත්‍රිත්ව විදුහල ඉහළට ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.