Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රත්ගම දේවපතිරාජය අවසන් තරගයට

රත්ගම දේවපතිරාජය අවසන් තරගයට

editorial - 2026 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොට‍සේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.

 

මෙවර බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කණ්ඩායම් 14ක් තරග වැදුණු අතර, එම කණ්ඩායම් අතුරින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මාතර අනුර විද්‍යාලය,නුගේගොඩ අනුලා විද්‍යාලය සහ උහන ජාතික පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. පිට පළාත් කණ්ඩායමක් ලෙසින් උහන ජාතික පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම විශේෂයෙන් කැපී පෙනිනි.

අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් උහන ජාතික පාසල ලකුණු 93 කින් පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. රත්ගම දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් ෂෙහාරා ඉඳුවරී ලකුණු 20කට කඩුලු 5ක් දවාගත්තාය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ශෂිනි ගිම්හානි දේවපතිරාජ පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්වූවාය.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් මැද ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලය බාලිකා ක්‍රිකට් පිටියේ දස්කම් දක්වමින් පිට පිට වසර ගණනාවක් ශූරතා දිනාගත් අතර, ගෙවී ගිය වසර කිහිපය තුල දක්ෂ ක්‍රීඩිකාවන් රාශියක් ජාතික කාන්තා කණ්ඩායමට මෙන්ම අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට දායාද කිරීමට ද සමත් වූ පාසලකි.

 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය - ඕවර 40.5 කදී  187 යි
(ශෂිනි ගිම්හානි 53, නෙතඟි ඉසුරාංජලී 38, මල්ෂානි සෙව්මිණි 37/4)

උහන ජාතික පාසල - ඕවර 35.2 කදී  94 යි
(ප්‍රමුදි මෙත්සරා 35, ෂෙහාරා ඉඳුවරී 20/5, ශෂිනි ගිම්හානි 34/2)


අදහස් (0)

රත්ගම දේවපතිරාජය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.