
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වෙස්ලි විදුහලේ එරාන් පෙරේරා (50) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර මාරිස්ටෙලා විදුහලේ රමිත් බණ්ඩාර සහ මෙනුල ජයසුමන කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 58.5 කදී සියලු දෙනා දැවී 105
(එරාන් පෙරේරා 50, රමිත් බණ්ඩාර 15/3, මෙනුල ජයසුමන 16/3, මිනෙත් ප්‍රනාන්දු 39/2)
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 5 ක් දැවී 118
(රමිත් බණ්ඩාර නොදැවී 41, ලිනාල් ෆොන්සේකා නොදැවී 24, මිනෙත් ප්‍රනාන්දු 22, මොහොමඞ් අබ්දුල්ලා 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.