
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා සාන්ත තෝමස් කුමර විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන 124 වැනි රුහුණු මහා නිල් සටන ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වු අද (23) වර්ෂාව නිසා තරගය නතර කරන විට සාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 194 ලබා මුල් ඉනිමේ වාසිය තහවුරු කරගෙන සිටියේය.
පලමු ඉණිම වෙනුවෙන් සාන්ත සර්වේශස් විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 131 කි.
මේ අනුව තරගයේ දෙවැනි දිනය නිමාවන විට සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 57 ක මුල් ඉනිමේ වාසියක් අත්පත් කරගෙන සිටී.
සාන්ත සර්වේශස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු විරාන් චමුදිත ලකුණු 27 කට කඩුලූ 6 ක් හිමිකර ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 44 ට කඩුලූ 5 ක් දවාගත් සාන්ත තෝමස් කණ්ඩායමේ නායක නවිජ ද සේරම් පිත්තෙන් ද දස්කම් දැක්වමින් ලකුණු 49 ක් ලබා ගත්තේය.
දින 3 ක තරගයක් වන මෙම විද්‍යාලාන්තර ක්‍රිකට් තරගයේ තෙවැනි හා අවසන් දිනය හෙට (24) උදෑසන 9.30 ට ආරම්භ වෙයි.
සාන්ත සර්වේශස් විද්‍යාලය - පළමු ඉණිම සියලු දෙනා දැවී 131
(විශ්ව සුපුන් 32, රිසිනු කිත්නුක 28, නවිජ ද සේරම 44/5, රිසිනු කිත්නුක 26/2)
සාන්ත තෝමස් විද්‍යාලය - දෙවැනි දිනය නිමා වන විට කඩුලු 08 කට 194 යි
(කමේෂ් නුවන්ජන නොදැවී 53, නවිජ ද සේරම් 49, විරාන් චමුදිත 27/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.