Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මහානාමය එක්දින තරගයෙන් ජය ලබයි

මහානාමය එක්දින තරගයෙන් ජය ලබයි

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ මහානාම විදුහල සහ ඩී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වෙන ‘රන් සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති 17 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 119 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 328 ක ඉලක්කයක් හඹාගිය ඩී.එස්. සේනානායක විදුහලට ඕවර 41.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. එම ලකුණු සංඛ්‍යාවෙන් 124 ක්ම වාර්තා වූයේ ගවිරු සෙනෙහස්ගේ පිත්තෙනි.

මහානාම විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චාමික හීනටිගල, සචිර වැලිවත්ත සහ දුවිඳු රණතුංග කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඩී.එස්. සේනානායක ඉනිම සුනුවිසුණු කර දැමූහ.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 327 ක් ලබා ගත්තේය. එහිදී කවිඳු අමමෙත් (78), අංජල බණ්ඩාර (66) සහ ඉනුක කරන්නාගොඩ (නොදැවී 57) අර්ධ ශතක ලබාගනිමින් මහානාම ඉනිම සවිමත් කළහ.


මහානාම විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 327
(කවිඳු අමමෙත් 78, අංජල බණ්ඩාර 66, ඉනුක කරන්නාගොඩ නොදැවී 57, සචිර වැලිවත්ත 44, රෂ්මික පෙරේරා නොදැවී 29, සිනෙත් මල්වත්තගේ 42/2)

ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 208
(ගවිරු සෙනෙහස් 124, හිමන්ත කේෂාන් 25, චාමික හීනටිගල 26/2, සචිර වැලිවත්ත 26/2, දුවිඳු රණතුංග 54/2)

 


අදහස් (0)

මහානාමය එක්දින තරගයෙන් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.