
(මතුගම බන්දු තඹවිට)
මතුගම ශාන්ත මේරි විදුහල සහ ආනන්ද ශාස්ත්‍රාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැති 59 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරඟය (පස්දුන් කෝරළේ සටන) ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. මෙම තරගය සෙනසුරාදා (16 වැනිදා) නිමාවට පත්විය.
තරඟයේ හොඳම පිතිකරුවා ලෙසින් ශාන්ත මේරි විදුහලේ යසිත් සත්සර සම්මාන දිනාගත්තේය. දක්ෂතම පන්දු යවන්නා වශයෙන් ශාන්ත මේරි විදුහලේ නිතිල් දුල්සර සම්මාන දිනාගත්තේය. හොඳම පන්දු රකින්නා ලෙස ආනන්ද ශාස්ත්‍රාලයේ නුමේෂ් එරන්ද සම්මාන ලබාගත් අතර තරඟයේ වීරයා වශයෙන් ආනන්ද ශාස්ත්‍රාලයේ නුවන් දිනෙත් සම්මාන හිමිකරගත්තේය.
ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 184 යි
(නුවන් දිනෙත් 59, අමිල ලසිත් 47, නිතිල් දුල්සර ලකුණු 24 / 4, එන්.ක්‍රිතික් 59/2 , යසිත් මධුරංග 33/2)
ශාන්ත මේරි විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 147
(නිතිල් දුල්සර 33 , ටෙරාන් විශ්මිත 34 , ප්‍රමුධිත මධුභාෂණ 27, ලකිඳු දිනූ 09/3, ඉෂාර තෙව්මිත් 25/2, දෙනුක මින්රද 22/2, නුවන් දිනෙත් 19/2)
ආනන්ද ශාස්ත්‍රාලය - දෙවන ඉනිම කඩුලු 5 ට 153 යි
(නුවන් දිනෙත් නොදැවී 70, අමිල ලසිත් 35, ලකිඳු දිනු 26, යසිත් මධුරංග 58/3)
ශාන්ත මේරි විදුහල - දෙවැනි ඉනිම කඩුලු 3 ට 135
(නිතිල් දුල්සර 56 ,යසිත් සත්සර 51)

දෙපිලේ නායකයන් විදුහල් දෙකේ විදුහල්පතිවරුන් අතින් ශුරතා කුසලානය ලබාගත් අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.