Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නිල් මහ සටනට වැස්ස හරස්වෙයි

නිල් මහ සටනට වැස්ස හරස්වෙයි

editorial - 2021 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබූ 142 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික පාසල් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය කිසිදු පන්දුවක් නොයවාම අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

පෙර දින රාති‍්‍රයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි ආකාරයෙන් ක‍්‍රීඩා පිටිය තෙත ස්වභාවයක් ඉසිලීය. උදෑසන සිට තද හිරු එළියක් නොවැටීම හේතුවෙන් ක‍්‍රීඩා පිටිය වේලා ගැනීමට පමා වූ අතර යළිත් පස්වරු 2.30 ට පමණ වර්ෂාව පතිත විය.

පස්වරු 3.30 ට පළමු දිනයේ තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමන ලද බව විනිසුරුවරු නිවේදනය කළහ.

කොරෝනා වයිරසය හමුවේ වුවද පැවැති බාධක මැඩලමින් වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය පැවැත්විමට පාසල් දෙකෙහි සංවිධායකයන් උත්සහ ගත්තද වර්ෂාව ඊට හරස්වන බවක් පෙනී යයි.

 


අදහස් (0)

නිල් මහ සටනට වැස්ස හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.