Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2021 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොරෝනා වයිරසය හේතුවෙන් තුන් වතාවක්ම කල්දැමීමට සිදුවූ 142 වැනි නිල් මහ සටන අවසානයේදී වර්ෂාවට සේදී ගියේය. තුන් දින තරගයක් වුවද දින තුනේදීම කී‍්‍රඩා කළ හැකිවූයේ  ඕවර 84 ක් පමණි. කොළඹ එස්.එස්.සී. පිටියේදී, පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පැවැති තරගය දින තුනක් නිමාවේදී අද (30 වැනිදා) සවස ජය පරාජයෙන් තොරව අවසන් විය.

වර්ෂාව හේතුවෙන් පළමු දිනය සම්පූර්ණයෙන්ම කී‍්‍රඩා කළ නොහැකි වූ අතර දෙවැනි දිනයේත් තරගය ආරම්භ වූයේ දිවා ආහාරයෙන් පසුවය.

සාන්ත තෝමස් ඉනිම අනපේක්‍ෂිත තරම් කෙටි වීම හේතුවෙන් හැකිනම් තරගයේ තීරණයක් ලබාගැනීම සඳහා රාජකීයයෝ කඩුලූ 4 කට ලකුණු 112 ක් ලබා සිය ඉනිම අත්හිටවූහ. රාජකීය පිල වෙනුවෙන් ඉසිවර දිසානායක හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 47 ක් ලබාගත් අතර නායක අහන් වික‍්‍රමසිංහ ලකුණු 27 ක් ලබාගත්තේය.

තරගයේ ජයග‍්‍රාහකයන්ට හිමිවන ඞී.එස්.සේනානායක පළිහ තවදුරටත් තමන්වෙතම රඳවාගැනීමට නම් සාන්ත තෝමස් පිල තරගය පරාජය නොවී සිටිය යුතුවිය. ශලීන් ද මැල්ගේ කී‍්‍රඩකයෝ එය අපූරුවට කළහ.  වර්ෂාව හේතුවෙන් අද සවස තරගය අවසන් වන විට ගල්කිස්සේ කොල්ලෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 32 ක් ලබා සිටියහ.


සාන්ත තෝමස් විදුහල - පළමු ඉණිම 89 යි
(ජී. කැනිස්ටර්ස් 12, යසිරු රොද්‍රිගෝ නොදැවී 30, මහිත් පෙරේරා 22, කේ. පතිරණ 17/2, ගිෂාන් බාලසූරිය 39/4, සොනාල් අමරසේකර 08/3)

රාජකීය විදුහල - පළමු ඉණිම කඩුලූ 4 ක් දැවී 112 යි
(එස්. ජයවර්ධන 18, ඉසිවර දිසානායක 47, අහන් වික‍්‍රමසිංහ 26, යසිරු රුද්රිගු 32/2)
 
සාන්ත තෝමස් විදුහල - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 32 යි
(ඒ. පළිහවඩන නොදැවී 12, ශලීන් දි මෙල් නොදැවී 20)

 

 


අදහස් (0)

නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.