Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ධර්මරාජ - කිංග්ස්වුඩ් මහ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ධර්මරාජ - කිංග්ස්වුඩ් මහ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

editorial - 2022 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ධර්මරාජ විදුහලේ ක්‍රිකට් නායක සචින්ත දිසානායක විසින් ටීබී තෙන්නකෝන් කුසලාන ලබාගත් අවස්ථාව...

 

(ෂේන් සෙනෙවිරත්න)

ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ධර්මරාජ - කිංග්ස්වුඩ් 115 වැනි මහා ක්‍රිකට් තරගය අස්ගිරිය ක්‍රීඩාංගනයේදී ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් මෙම තරඟයේ මුල් ඉනිමේදී ජය අත්කරගත් ධර්මරාජ විදුහල් පිලට මෙවරටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය හිමිවිය .

කාසියේ වාසිය දිනු ධර්මරාජ පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා කිංග්ස්වුඩ් පිලට ආරාධනා කළ අතර කිංග්ස්වුඩ් පිතිකරුවන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. ඊට පිළිතුරු ලෙස ධර්මරාජ විදුහල සියලු දෙනා දැවී ලකුණු 269 ක්රැස් කර ගැනීමට සමත් විය

කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලකුණු 199ක්රැස් කළ අතර ඒ අනුව ධර්මරාජ පිලටඔවුන්ගේ දෙවැනි ඉනිමේදීඕවර 04ක් තුළ ලකුණු 58 ක ජයග්‍රාහිඉලක්කයක් හිමි විය . එම ඉලක්කය හඹා යාමට පැමිණිධර්මරාජ පිතිකරුවන්ටකඩුලු 04ක් දැවී රැස් කර ගත හැකි වූයේලකුණු 31ක් පමණි .

ධර්මරාජ විදුහල වෙනුවෙන් පළමු ඉනිමේදී පලිදු පෙරේරා (90) සචිත්‍ර සේනානායක (66) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ .කිංස්වුඩ් පිල වෙනුවෙන් කවීජ ගමගේ(90) සහ( 39/05) පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්විය.

 

කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 127
(ඔෂාන් විරංජන12, කවිජ ගමගේ16 , හසංග රත්නායක 34, නිකේසල නානායක්කාර 25, අබ්දුල් හකීම් 14 , සන්දීප රත්නායක 3/45, දුලාර බන්ධුලසේන 4/19)

ධර්මරාජ පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
 (පලිදු පෙරේරා 90, සචිත්‍ර සේනානායක 66 , මලිත හපුආරච්චි 28, ඉසුරු පෙරේරා 11, සන්දීප රත්නායක 19, මලීෂ රාජකරුණා 19,  කවීජ ගමගේ 5/39, දිනුක සඳරුවන් 2/40)

කිංස්වුඩ් විදුහල දෙවැනි ඉනිම - දෙනා දැවී 199
(හසිත පොල්කොටුව 39 , ඔෂාන් විරංජන 26 ,කවිජ ගමගේ 80 , හසංග රත්නායක 15, මහසෙන් අබේකෝන් 10 , සංදීප රත්නායක 2/46, මලීත හපුආරච්චි 5/48)

ධර්මරාජ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 31
(පුබුදු පෙරේරා 17, සචිත්‍ර දිසානායක 10, ඉසුරු පෙරේරා නොදැවී 14)


අදහස් (0)

ධර්මරාජ - කිංග්ස්වුඩ් මහ තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.