Last Update  :  2025-08-22 18:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවපතිරාජ - ශාන්ත ජෝශප් අවසන් තරගය ඉරිදා

දේවපතිරාජ - ශාන්ත ජෝශප් අවසන් තරගය ඉරිදා

editorial - 2025 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය ලබන ඉරිදා (24 වැනිදා) පිටියට පිවිසෙති. අවසන් මහ තරගය කොළඹ විජේරාම මාවතේ පිහිටි ඩී. එස්. සේනානායක විද්‍යාල පිටියේදී පැවැත්වෙයි. 

පාසල් කණ්ඩායම් 84 ක් කාණ්ඩ 14 ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, ඉන් කණ්ඩායම් 32 ක් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙස අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර දෙවැනි වටයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයත් තෙවැනි වටයේදී හලාවත ශාන්ත මරියා විද්‍යාලයත් පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයත් පරාජය කළ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේදී ගාල්ල මහින්ද විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූහ. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි වටයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයත් තෙවැනි වටයේදී මාතර විද්‍යාර්ථ විද්‍යාලයත් පරදවමින් ඔව්හු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කළ දේවපතිරාජ ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේදී  කොළඹ රාජකීය විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ. 

කොළඹ ශාන්ත ජෝශප්  විද්‍යාලය වසර කිහිපයකට පසුව වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා සිටී. එහෙත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය තම වසර 28 ක පාසල් ක්‍රිකට් ඉතිහාසය තුල පළමු කොටසේ තරගාවලියක අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි. 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල පිල ඩිහේන් ජයතිලක  විසින් මෙහෙයවනු ලබන අතර, රත්ගම දේවපතිරාජ විද්‍යාල පිල දියත් සංජිත විසින් මෙහෙයවනු ලබයි. 

 


කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල සංචිතය: 
ඩිහේන් ජයතිලක (නායක), නේතන් ද සිල්වා, තරුල් සොයිසා, රොමාල් රුවින්, චේතින කාවින්ද, තිසඟ පෙරේරා, ගයාෂ ප්‍රනාන්දු, මොකිත තත්සිළු, නිවේන් ඇලෙක්සැන්ඩර්, සවිඳු පෙරේරා, දිනසර ඇන්තනි, සන්තෝෂ් ජයප්‍රකාශ්, ලාවා ජොවොනික්, නිම්තාර ගුණවර්ධන, ඩිහාන් තිලකරත්න, රෝෂධ පෙරේරා සහ කෙවින් ප්‍රනාන්දු
සංජීව ප්‍රනාන්දු (කණ්ඩායම් භාර ආචාර්ය), ඩිනාල් දඹරගේ (ප්‍රධාන පුහුණුකරු), සිසිර ප්‍රබෝද (සහාය පුහුණුකරු)

 

රත්ගම දේවපතිරාජ විද්‍යාල සංචිතය: 
දියත් සංජිත (නායක), අදීෂ ගෞතම්, ලිනුවර සත්විදු, ප්‍රබෝධ හසරල්, නිකේෂ් තත්සර, ඉමල්ෂ මධුසංඛ, දෙනුවන් ජයලත්, පිනිදු නෙත්සර, දෙනෙත් පෙහෙසර, එස්. චතුරංග, සිනෙත් මිකේෂර, හර්ෂන් මිකේෂර. ධනංජන, බුමිත් දීනුක, සදෙව් නිම්සර සහ දිනුක් ද සිල්වා 
චාරුකා ගුණතිලක මෙනවිය (ක්‍රිකට් භාර ආචාර්ය), රන්ජන් ලසන්ත (ප්‍රධාන පුහුණුකරු), සුධීර වීරරත්න (සහාය පුහුණුකරු), තරිඳු රුක්ෂාන් (සහාය පුහුණුකරු)


අදහස් (0)

දේවපතිරාජ - ශාන්ත ජෝශප් අවසන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.