Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දේවපතිරාජ - රත්නාවලි අවසන් සටන හෙට

දේවපතිරාජ - රත්නාවලි අවසන් සටන හෙට

editorial - 2022 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය රත්ගම දේවපතිරාජ විදුහල සහ ගම්පහ රත්නාවලි බාලිකා විදුහල අතර හෙට (20 වැනිදා) කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාගංණයේදී පැවැත්වේ.

දේවපතිරාජ විදුහලට සහ රත්නාවලි විදුහලට අමතරව නුගේගොඩ අනුලා විදුහල, වාද්දුව මැදි විදුහල, මොරටුව වේල්ස් කුමරි විදුහල සහ ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහලද මෙම තරගාවලිය සඳහා සහභාගි වූහ.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වැදුණ අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වෙමින් දේවපතිරාජ බාලිකාවෝ සහ රත්නාවලි බාලිකාවෝ අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

මූලික වටය යටතේ සහභාගි වූ තරග 5 ම ජයගනිමින් අපරාජිතව දේවපතිරාජ විදුහල අවසන් තරගයට පිවිසි අතර එහිදී රත්නාවලි විදුහල, වාද්දුව මැදි විදුහල, වේල්ස් කුමරි විදුහල, අනුලා විදුහල සහ විජයබාහු මහ විදුහල පරාජයට කිරීමට දේවපතිරාජ බාල්කාවෝ සමත් වූහ.

ඉකුත් වසරේ (2021) ශූරියන් වූ රත්නාවලි බාලිකාවන් මෙවර අවසන් තරගයට පිවිසියේ මූලික වටය යටතේ සහභාගි වූ තරග 5 න් 4 ක් ජය ගනිමිනි. එහිදී අනුලා විදුහල, වාද්දුව මැදි විදුහල, වේල්ස් කුමරි විදුහල සහ විජයබාහු මහ විදුහල පරාජය කළ රත්නාවලි බාලිකාවෝ, දේවපතිරාජ විදුහල හමුවේ පරාජයට පත් වූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියොජ්නය කළ විෂ්මි ගුණරත්න මෙවර තරගවාරයේදී රත්නාවලි බාලිකා කණ්ඩායමේ නායකත්වය දරන්නීය. මෙවර දේවපතිරාජ බාලිකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කළ විහාරා සෙව්වන්දි විසිනි.

රත්නාවලී බාලිකා විදුහල් කණ්ඩායම

 

දේවපතිරාජ විදුහල් බාලිකා කණ්ඩායම


අදහස් (0)

දේවපතිරාජ - රත්නාවලි අවසන් සටන හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.