Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School දෙවැනි වරටත් ශූරතාව රත්නාවලියට

දෙවැනි වරටත් ශූරතාව රත්නාවලියට

editorial - 2022 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට ගම්පහ රත්නාවලි බාලිකා විදුහල සමත් විය. ඉකුත් වසරේදී (2021) පැවැති තරගාවලියේද ශූරියන් බවට පත්වූ රත්නාවලි බාලිකාවෝ මෙවර ශූරතාවට හිමිකම් කීවේ පිට පිටම දෙවැනි වරටය.

අවසන් මහ තරගයේදී රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී ලකුණු 27 ක ජයක් වාර්තා කරමින් රත්නාවලි බාලික විදුහල මෙවර ශූරතාවට හිමිකම් කීවේය. එම විදුහල් දෙකට අමතරව නුගේගොඩ අනුලා විදුහල, වාද්දුව මැදි විදුහල, මොරටුව වේල්ස් කුමරි විදුහල සහ ඔක්කම්පිටිය විජයබාහු මහ විදුහලද මෙම තරගාවලිය සඳහා සහභාගි විය.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වැදුණ අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වෙමින් දේවපතිරාජ බාලිකාවෝ සහ රත්නාවලි බාලිකාවෝ අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රත්නාවලි බාලිකා විදුහල ඕවර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 155 ක් ලබාගත් අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායිකා විෂ්මි ගුණරත්න පන්දු 156 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 99 ක් රැස්කළාය.

එහිදී දේවපතිරාජ විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්ෂි නිරාෂා ලකුණු 18 කට කඩුලු 4 ක්ද, විහාරා සෙව්වන්දි ලකුණු 41 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් රත්නාවලි පිතිකාරිණියන් මෙල්ල කිරීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට නිපුනි ජයසිංහ ප්‍රමුඛ රත්නාවලි පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 45.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි. එහිදී නිපුනි ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගත්තාය.

දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායිකා විහාරා සෙව්වන්දි පන්දු 95 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 53 ක් රැස්කළද, ඇයට සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගැනීමට නොහැකි වූවාය.


රත්නාවලි බාලික විදුහල - ඕවර 39 කදී සියලු දෙනා දැවී 155
(විෂ්මි ගුණරත්න නොදැවී 99, නිපුනි ජයසිංහ 20, හෂිනි විජේසිංහ 14, මල්ෂි නිරාෂා 18/4, විහාරා සෙව්වන්දි 41/3)

දේවපතිරාජ විදුහල - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 128
(විහාරා සෙව්වන්දි 53, හිරුනි හංසිකා 15, ශෂිනි ගිම්හානි 12, නිපුනි ජයසිංහ 19/4, නිකේෂා විජේසේකර 30/2)


අදහස් (0)

දෙවැනි වරටත් ශූරතාව රත්නාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.