Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ත්‍රිත්ව - ශා. අන්තෝනි අවසන් පූර්ව තරගයේ

ත්‍රිත්ව - ශා. අන්තෝනි අවසන් පූර්ව තරගයේ

editorial - 2022 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර් පාසල් 19න් පහළ පළමු පෙළ ‘ඒ’ කාණ්ඩයේ සීමිත ඕවර තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය තරග වදිති. මෙම තරගය හෙට (28 වැනිදා) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පළමු වටයේ තරග 8 කින් තරග 5ක් ජය ගත් ත්‍රිත්ව විද්‍යාලය සිය කාණ්ඩයේ 3 වැනි ස්ථානයට පත්විය. අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු වටයේදී සිය කාණ්ඩයේ 4 වැනි ස්ථානයට පත් විය. ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමු  වටයේදී තරග 8 කින් තරග 4ක් ජය ගත් අතර අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් පූර්ව තරගය්දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ලහිරු අබේසිංහ විසින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ද, රහල් අමරසිංහ විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ද මෙහෙයවනු ලබති


මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය සංචිතය:
රහල් අමරසිංහ (නායක), විභවිත් ඇහැලේපොළ (උප නායක), තීරක රණතුංග, සුපුන් වඩුගේ, මනුල කුලරත්න, තරණ විමලධර්ම, කුසල් විජේතුංග, දිනූෂ පීරිස්, දිනුක තෙන්නකෝන්, ජයවි ලියනගම, ජනිත් වර්ණකුළ, මලිත් රත්නායක, ලක්වින් අබේසිංහ, විතිල උදාර, යෙවන් හුලංගමුව, විදුක ධම්මගේ,
නවීන් ඒකනායක (ප්‍රධාන පුහුණුකරු),
ලක්ෂිත අලහකෝන් (සහකාර පුහුණුකරු),
බ්‍රයන් සේනාරත්න (කණ්ඩායම බාර ආචාර්ය)


කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් සංචිතය:
ලහිරු අබේසිංහ (නායක), ටේ‍රැවින් මැතිව් (උප නායක), මොහොමඩ් අකීල්, කේ. බණ්ඩාර, තිසර ඒකනායක, රවිඳු කපුකොටුව, රයන් ඇන්තනීස්, ඉඳුවර ගලපිටගේ, කවීෂ පියුමාල්, ජනිත් රත්නසිරි, චාරුක ඒකනායක, කෙවන් ප්‍රනාන්දු, ජානුක. රත්නායක, දසුන් වෙලංග, රවිඳු කස්තුරිආරච්චි, නික් ෆොන්සේකා, සෙනුර අබේසේකර, දිනුර ගනේගොඩ, කෞශික කුමාරසිංහ සහ සෙනුක කල්පන
ලෙනින් ජයසිංහ (කණ්ඩායම බාර ආචාර්ය),
සුනෙත් ගුණතිලක (ප්‍රධාන පුහුණුකරු),
ප්‍රියන්ත කුමාර (සහකාර පුහුණුකරු)

 


අදහස් (0)

ත්‍රිත්ව - ශා. අන්තෝනි අවසන් පූර්ව තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.