Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ත්‍රිත්ව - රිච්මන්ඩ් තුන්දින සටන එස්.එස්.සී. පිටියේ

ත්‍රිත්ව - රිච්මන්ඩ් තුන්දින සටන එස්.එස්.සී. පිටියේ

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටස  ‘ඒ’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තුන්දින තරගයක් ලෙසින් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී (එස්.එස්.සී.) අද (8 වැනිදා) ආරම්භ වේ.

මෙම අවසන් මහා තරගය අද (8), හෙට (9) සහ අනිද්දා (10) යන දිනයන්හිදී පැවැත්වේ. මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පසුගිය වසරේ සම ශූරතාව හිමිකරගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කණ්ඩායමත් තරග වදිති.

මෙම තරගාවලියේදී පාසල් 20ක්, කාණ්ඩ 2ක් යටතේ පළමු වටයේදී තරග වැදුණහ. පළමු අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරදවමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය පරදවමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වන මනුල කුලරත්න මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිල මෙහෙයවයි.  ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ උප නායක මල්ෂ තරුපති ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට නායකත්වය දෙයි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු වටයේදී එකම ‘එක්ස්’ කාණ්ඩය යටතේ තරග වැදුණු අතර, එහිදී රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමිවිය.


මහනුවර ත්‍රිත්ව විද්‍යාල සංචිතය:
මනුල කුලරත්න (නායක), දිනූෂ පීරිස් (උපනායක), තරණ විමලධර්ම, සුපුන් වඩුගේ, දිනුක තෙන්නකෝන්, ජනිත් වර්ණකුල, වතිල උදාර, විදුක ධම්මගේ, දීමන්ත මහවිතාන, මලිත් රත්නායක,  තිසාල් යාපා, රජිඳු තිලකරත්න, ජයවි ලියනගම, කවිඳු ජයරත්න, විදුනෙත් ධම්මගේ, ⁠ස්වෙත් අනුරජීව, ඔමෙත් බණ්ඩාර, ⁠කවීන් ගමගේ සහ පුලිෂ තිලකරත්න,

බ්‍රයන් සේනාරත්න මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), නවීන් ඒකනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් මහතා (සහාය පුහුණුකරු)



ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල සංචිතය:
මල්ෂ තරුපති (නායක), ෂැරෝන් අභිෂේක් (උප නායක), තමිඳු ප්‍රදීප්ත, චෙහාන් සුබසිංහ, මලිත් ද සිල්වා, සෙනෙත් සිසාන්, යූරි කොත්තිගොඩ, සිහත් රාමනායක, කවීෂ ඉඳුවර, ෂෙහාන් ද සොයිසා, නිකිල් ජයවීර, පුබුදු මිහිරංග, රසාංග තේජාන්, නෙත්සර ආකාෂ්, පුනාල් හංසජිත්, චමෝද් පුන්සර, සචිඳු නිම්සර, ටෙනූෂ නිම්සර, බෙවින් ජයවර්ධන සහ මිනග ආරියදාස


නුවන් ජයසිංහ මහතා  (කණ්ඩායම් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), සිදත් ප්‍රියංකර මහතා (සහාය පුහුණුකරු), ළහිරු මදුවන්ත (සහාය පුහුණුකරු)


අදහස් (0)

ත්‍රිත්ව - රිච්මන්ඩ් තුන්දින සටන එස්.එස්.සී. පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.