(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය 16 වැනිදා (සිකුරාදා) බණ්ඩාරගම පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය අතර මෙම අවසන් පූර්ව තරගය පැවැත්වෙයි.
අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පරදවමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පරදවමින් වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.