Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ජයග්‍රාහී නාලන්දා ක්‍රිකට් කණ්ඩායමට උපහාර

ජයග්‍රාහී නාලන්දා ක්‍රිකට් කණ්ඩායමට උපහාර

editorial - 2022 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 69කට පසු සුලෝහිත සංග්‍රාමය ජයගත් නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීමේ උත්සවයක් හෙට (17 වැනිදා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු මෙන්ම නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම මහතා සහභාගී වීමට නියමිතය.

නාලන්දා ආදි ශිෂ්‍ය සංගමය, නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, ආදි නාලන්දීය ක්‍රීඩා සමාජය සහ නාලන්දා විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කරයි. උත්සවය නාලන්දා විද්‍යාලයීය විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

1953 වසරේදී සුලෝහිත සංග්‍රාහමය ජයග්‍රහණය කළ නාලන්දා කණ්ඩායමේ ජීවතුන් අතර සිටින ක්‍රීඩකයෝ පස් දෙනෙක් ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගි වෙති.

දිනෙත් සමරවීරගේ නායකත්වයෙන් යුත් නාලන්ද කණ්ඩායම විසින් 2022 වාර්ෂික මහ ක්‍රිකට් තරගයේදී ආනන්ද විද්‍යාලය කඩුලු 9කින් පරාජය කරමින් වසර 69 කට පසුව සුලෝහිත සංග්‍රාමය ජයගත්හ.

- 213


අදහස් (0)

ජයග්‍රාහී නාලන්දා ක්‍රිකට් කණ්ඩායමට උපහාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.