(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය සමත්විය.
වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය විසින් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයක් වාර්තා කරන ලදි.
ගන්තිරියාගම මහින්ද විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් නවෝදා සෙනෙවිරත්න සහ චතුමිණි ඒකනායක පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 8 ට 113 යි
(භූමි දේශානි 24, බුහුමි චමල්ෂා 22/2, නෙත්මි ද සිල්වා 27/2)
ගන්තිරියාගම මහින්ද විද්‍යාලය - ඕවර 14 කදී කඩුලු 1 ට116 යි
(නවෝදා සෙනෙවිරත්න නොදැවී 52, චතුමිණි ඒකනායක නොදැවී 46 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.