Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ආදරවන්ත‍යන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි
මහ ක්‍රිකට් තරග -2023

ආදරවන්ත‍යන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2023 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 118 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඉකුත් සෙනසුරාදා (18 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක්  හඹාගිය රිච්මන්ඩ් විදුහල තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටියේය.

ලකුණූ 96 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ මහින්ද විදුහල් ක්‍රීඩකයෝ, කඩුලු 8 ක් දැවී ලකුණු 170 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා රිච්මන්ඩ් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ. එහිදී රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති 70 කට කඩුලු 4 ක්ද, තරින්ද නිර්මාල් ලකුණු 29 කට කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනය වූ සිකුරාදා (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 24 ක් ලබා සිටි රිච්මන්ඩ් විදුහල, දෙවැනි දින‍යේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 196 ක් එක්කර ගත්තේය. එහිදී මල්ෂ තරුපති (80), චෙහාන් සුබසිංහ (50) සහ කවිඳු නිර්මාන (50) අර්ධ ශතක ලබාගනිමින් රිච්මන්ඩ් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල, පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 316 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා රිච්මන්ඩ් විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ දනුජ ඉඳුවර (101) අගනා ශතකයක් ලබාගත් අතර දිනුර කළුපහණ (75) අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 73.5 කදී කඩුලු 8 ක් දැවී 316
(දනුජ ඉඳුවර 101, දිනුර කළුපහණ 75, ප්‍රමේෂ් මදුභාෂණ 38, හිරුන මන්දිල 30, චන්දූප ද සිල්වා නොදැවී 20, තරින්ද නිර්මාල් 78/3, මල්ෂ තරුපති 78/2)

රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 220
(මල්ෂ තරුපති 80, චෙහාන් සුබසිංහ 50, කවිඳු නිර්මාන 50, දිනුර කළුපහණ 30/3, ෂෙහාන් හසරංග 28/3, කවීන් රුක්ෂාන් 39/2)

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 47.4 කදී කඩුලු 8 ක් දැවී 170
(හිරුණ ගාල්ලගේ 35, දිනුර කළුපහණ 26, රන්මිණ හෙට්ටිආරච්චි 26, තරුෂ දිල්ෂාන් 24, මල්ෂ තරුපති 70/4, තරින්ද නිර්මාල් 29/3)

රිච්මන්ඩ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී 71
(භානුක මනෝහර නොදැවී 43)


අදහස් (0)

ආදරවන්ත‍යන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.