Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School අලුත්ගම සුමිතුරන්ගේ සංග්‍රාමය 31 - 01

අලුත්ගම සුමිතුරන්ගේ සංග්‍රාමය 31 - 01

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බලපිටියේ - එස්. ඒ. වයි. ද සිල්වා)

අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල සහ අලුත්ගම මාලේවන ශ්‍රී ඤාණිස්සර ජාතික පාසල අතර සිව්වැනි වරටත් පැවැත්වෙන ‘සුමිතුරන්ගේ සංග්‍රාමය’ නමින් ප්‍රකට මහා ක්‍රිකට් තරගය මේ මස 31 සහ අප්‍රේල් මස 01 වැනි දින මාලේවන ශ්‍රී ඤාණිස්සර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ  දී පැවැත්වේ.

අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල 1879 දී ආරම්භ කර තිබෙන අතර මාලේවන ශ්‍රී ඤාණිස්සර ජාතික පාසල 1906 දී ආරම්භ කර තිබේ. පාසල් දෙකම වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන අතර දකුණු සහ බස්නාහිර පළාත් වලට අයත් පාසල් වීම විශේෂත්වයකි.

රාජපක්ෂ ජාතික පාසලේ වත්මන් විදුහල්පති ආර්. එම්. එස්. නලින්ද මහතාගේ සහ හිටපු ආදි ශිෂ්‍ය සංගමයේ උනන්දුව මත මෙම තරගය 2018 දී එක් දින තරගයක් ලෙසින් ආරම්භ කොට 2019 සිට දෙදින තරගයක් ලෙසින් පැවැත්වේ. රාජපක්ෂ ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන විහඟ ඉඳුවර දකුණු පළාත් වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කරයි.

සහන් නිද්මාල් රාජපක්ෂ කණ්ඩායමේ නායකත්වය උසුලන අතර දනිදු ලක්ෂිත ඤාණිස්සර කණ්ඩායමේ නායකත්වය උසුලයි.

රාජපක්ෂ විද්‍යාලයීය කණ්ඩායම

සහන් නිද්මාල් (නායක), ඩී. ප්‍රියන්ත ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු), ආර්. එම්. එස්. නලින්ද මහතා (විදුහල්පති), මිහිර අබේසේකර මහතා (ක්‍රිකට් භාර ආචාර් ය), නලින්ද මහතා (සහය පුහුණුකරු), සප්න එමෝද්‍ය (උප නායක), වින්දය සංකල්ප, සචින් ජනක, කවීෂ හිමසල්, විහඟ ඉඳුවර, හසන්ත ද සිල්වා, හිම්සර සාවින්ද, සත්සර ප්‍රමෝද්, ශානුක ලක්ෂාන්, පැහැසර දිනිදු, යුදා ඇන්ජලෝ,  රුමේෂ් ලක්ෂාන්, සවිඳු මලීස, චමෝද් ඉන්දික, කළිඳු කවීෂ නෙත්මල්, සිතිජ දුල්ෂාන්, චමිත් මලීෂ, මලිඳු ලක්ෂාන් සහ කවිඳු දිල්ෂාන්

 

 මාලේවන ශ්‍රී ඤාණිස්සර විද්‍යාලයීය කණ්ඩායම

මලිඳු මලීෂ (උප නායක), චන්දික හේෂාන් මහතා (සහය පුහුණුකරු), අරුණ ගමගේ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), පූජ්‍ය මොරගල සුමන හිමි (නියෝජ්‍ය විදුහල්පති), පී. කේ. සුනිල් ශාන්ත මහතා (විදුහල්පති), මංගල වික්‍රමාරච්චි මහතා (පුහුණුකරු), චමිලා ආරියරත්න මිය (සහකාර විදුහල්පතිනි), විශ්ව තරංග මහතා (සහය පුහුණුකරු), දනිදු ලක්ෂිත (නායක), ප්‍රණීත් බිමල්ක, මෙනුජ සත්සුක, තිසර චතුන්, තිසර කාවින්ද, අංජන තිවංක, ඩිලාන් කණිෂ්ක, හර්ෂ ගයාන්, මනුල අයන්ත, ප්‍රමෝදි රුචිරංග, තරුෂ අංජන, තාරක මධුසංක, සචින් මදුරංග සහ සනුක සස්මිඳු


අදහස් (0)

අලුත්ගම සුමිතුරන්ගේ සංග්‍රාමය 31 - 01

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.