Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School 17 න් පහළ තරගාවලිය ජූනියේ මැද සිට

17 න් පහළ තරගාවලිය ජූනියේ මැද සිට

editorial - 2023 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වයස 17 න් පහළ අන්තර් පාසල් I වැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය මේ මස මැද භාගයේදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කටයුතු යොදා තිබේ. මෙම තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 76 ක් කාණ්ඩ 14ක් යටතේ තරග වදිති.

තරගාවලිය සඳහා ඉදිරිපත් වී සිටින පාසල් කණ්ඩායම් විශාල සංඛ්‍යාව හේතුවෙන් එය කාණ්ඩ 14 කින් පැවැත්වේ. ඕවර 50 සීමිත ඕවර තරගාවලියක් ලෙසින් තරග පැවැත්වෙයි.

එක් එක් කාණ්ඩ වලට අයත් පාසල් කණ්ඩායම් භාර ආචාර්යවරුන් තම තමන්ගේ පාසල් අතර තරග පැවැත්වෙන දින කතිකා කරගත යුතුව තිබේ. කෙසේ හෝ පළමු වටයේ තරග සියල්ලම ජූලි මස 05 වැනිදාට පෙර අවසන් කළ යුතුව ඇත. තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනි.

සෑම කාණ්ඩයකින්ම හොඳම කණ්ඩායම් දෙකක් බැගින් දෙවැනි වටයට තෝරා ගනු ලබයි. ඒ අනුව එක්වන කණ්ඩායම් 28 ට, පළමු වටයේදී ඒ, බී, සී, ඩී, ජේ සහ කේ යන කාණ්ඩ වලින් තුන්වැනි ස්ථානයේ සිටින හොඳම කණ්ඩායම් 4 එකතු කරනු ලැබේ. දෙවැනි වටයේ තරගාවලියට කණ්ඩායම් 32 ක් එක්වන අතර එය පිළිමළුන් පිටුදැකීමේ පදනම මත පැවැත්වෙයි.

පසුගිය වසරේ තරගාවලියේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සම ශූරතා දිනාගත්හ.


‘ඒ’ කාණ්ඩය
ශාන්ත ජෝශප් විද්‍යාලය (ඒ), ඉසිපතන විද්‍යාලය (ඒ), මොරටු විද්‍යාලය, ආනන්ද ශාස්ත්‍රාලය කෝට්ටේ, වේල්ස් කුමර විද්‍යාලය මොරටුව සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය (ඒ).

‘බී’ කාණ්ඩය
ගල්කිස්ස එස්.තෝමස් විද්‍යාලය (ඒ), පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය (ඒ), පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය (ඒ) සහ දෙහිවල එස්. ද. එස් ජයසිංහ ම. ම. විද්‍යාලය.

‘සී’ කාණ්ඩය
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය (ඒ), කොළඹ ආනන්ද විද්‍යාලය (ඒ), බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය (ඒ), කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විදුහල, පාදුක්ක සිරි පියරත්න විදුහල සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (ඒ)

 ‘ඩී’ කාණ්ඩය
කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය (ඒ), මෝදර ද ලාසාල් විද්‍යාලය, කොළඹ අශෝක විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ  පානදුර මහානාම විද්‍යාලය

‘ඊ’ කාණ්ඩය
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය (ඒ),  කොළඹ රාජකීය විද්‍යාලය (ඒ), පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය (ඒ), සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය

‘එෆ්’ කාණ්ඩය
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, කඳාන ද මැසනොද් විද්‍යාලය (ඒ),  හේනේගම මධ්‍ය විද්‍යාලය,  ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය.

‘ජී’ කාණ්ඩය
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය සහ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය

‘එච්’ කාණ්ඩය
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල

‘ජේ’ කාණ්ඩය
බලපිටිය රේවත විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, කළුතර සිරි කුරුස විද්‍යාලය, කළුතර විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය

‘කේ’ කාණ්ඩය
ගාල්ල මහින්ද විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය, අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න මහා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

‘එල්’ කාණ්ඩය
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (ඒ), මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය

‘එම්’ කාණ්ඩය
මහනුවර ධර්මරාජ විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය

‘එන්’ කාණ්ඩය
හලාවත ශාන්ත මරියා විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය, මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය, සඳලංකා මධ්‍ය විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය.

‘පී’ කාණ්ඩය
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ  යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය.

 


අදහස් (0)

17 න් පහළ තරගාවලිය ජූනියේ මැද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.