අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ කොකුවිල් හින්දු විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 38 ක ජයක් අත්කර ගැනීමට හින්දු විදුහල සමත් විය.
එහිදී හින්දු විදුහලේ එස්. කජනන් ලකුණු 31 කට කඩුලු 13 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 116
(සාලිත චමෝද් 44, එස්. කජනන් 24/6, යූ. නිමලදාස් 36/3)
හින්දු විදුහල් පළමු ඉනිම - ඕවර 71.1 කදී සියලු දෙනා දැවී 213
(එස්. ජනතනන් 57, එස්. කජනන් 35, යූ. නිමලදාස් 28, ඔසඳ දේවින්ද 50/3, රොහාන් දේශප්‍රිය 61/3)
සඳලංකාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15.1 කදී සියලු දෙනා දැවී 59
(සාලිත චමෝද් 24, එස්. කජනන් 07/7, ජේ. ජෙරුසන් 11/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.