Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
කොස්ගම සාලාව යුද හමුදා පිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ අතර, මෙම තරගයේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය විසින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුව ලකුණු 21 කින් පරාජය කරන ලදි.
වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලය අතර අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වෙනු ඇත.
වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 47 කදී 177 යි
(පන්සිළු රෂ්මිත 42, අංජු ගිම්හාන් 26, අමිරු මන්තික 20, තරුෂ ලක්විඳු 19, රෙහාන් ද සිල්වා 48/5, තරුන් වනසිංහ 14/3, තේකත කොඩිතුවක්කු 36/2)
බණ්ඩාරවෙල ශන්ත තෝමස් විද්‍යාලය - ඕවර 21 කදී කඩුලු 4 ට 67 යි
(කේතක කොඩිතුවක්කු 14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.