Last Update  :  2025-10-18 13:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රත්ගම දේවපතිරාජ අවසන් පූර්ව වටයට
19 න් පහළ පළමු කොටස ‘බී’ තලයේ පාසල් ක්‍රිකට්

රත්ගම දේවපතිරාජ අවසන් පූර්ව වටයට

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

වයස 19 න් පහළ පළමු කොටස ‘බී’ තලයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගිය වර අනු ශූරයන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය මේ වසරේදීත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.  පළමු වටයේදී සහභාගිවූ තරග හතරම ජයගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අපරාජිත තත්ත්වය රැකගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය විසින් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 3 කින් පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

දේවපතිරාජය වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරුවා බවට පත්වූ යසිරු ලක්ෂාන් ලකුණු 58 ක් රැස් කළේය. ධර්මරාජ ඉනිම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක පන්දු 121 කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 103 ක් රැස් කළද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවිනි.

අවසන් පූර්ව වටයේ තරගය රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අතර පැවැත්වේ. 


රත්ගම දේවපතිරාජ විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ට 227 යි
(යසිරු ලක්ෂාන් 58, ගිම්හාන් රසාංජන 36, පුල්ජිත් වත්සුක 31, සුමේධ සම්පත් 28, කාශ්‍යප දිසානායක 36/2)

මහනුවර ධර්මරාජ විද්‍යාලය - ඕවර 49.4 කදී 224 යි 
(කාශ්‍යප දිසානායක 103, ගවේෂ් පූර්ණ 49, හර්ෂ මධුසංක 29/2, දියත් සංජිත 56/2)

 


කාශ්‍යප දිසානායක 

 

යසිරු ලක්ෂාන් 

 


අදහස් (0)

රත්ගම දේවපතිරාජ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.