Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රත්ගම දේවපතිරාජය අවසන් තරගයට
17න් පහළ ක්‍රිකට් තරගාවලිය

රත්ගම දේවපතිරාජය අවසන් තරගයට

editorial - 2025 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට  රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.

කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී එතෙක් අපරාජිතව සිටි කොළඹ නාලන්දා විද්‍යාලය ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුව කඩුලු 9 කින් පරදවමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ වසර 28 ක ක්‍රිකට් ඉතිහාසය තුල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමක් පළමු කොටසේ අවසන් තරගයකට පිවිසි මුල්ම අවස්ථාව මෙයයි.

කොළඹ නාලන්දා විද්‍යාල පිල ඕවර 34.4 කදී ලකුණු 102කට සීමා කිරීමට දේවපතිරාජ පන්දු යවන්නෝ  සමත් වූහ. වර්ෂාවෙන් බාධා වූ හෙයින් මෙම තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යායයට අනුව ඕවර 39 කදී ලකුණු 99 ක ඉලක්කයක් කරා ගිය දේවපතිරාජ පිතිකරුවෝ ඕවර 21.1 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 101 ක් ලබාගත්හ. 

නායක අරෝෂ සිතුමිණ දේවපතිරාජ විද්‍යාල පිල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය. පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 16 කට කඩු 2ක් දවාලූ අරෝෂ සිතුමිණ ආරම්භක පිතිකරු ලෙස පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 54 කදී හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස් කළේය. 


කොළඹ නාලන්දා විද්‍යාලය - ඕවර 34.4 කදී 102 යි 
(තාරක සෙනාල් නොදැවී 24, මිහින් සොයිසා 19, තිවිරු රණසිංහ 16, අරෝෂ සිතුමිණ 16/2, හර්ෂ මධුශංක 18/2, පුල්ජිත් වත්සුක 18/2, සඳරු මල්ෂාන් 20/2)

රත්ගම දේවපතිරාජ විද්‍යාලය - ඕවර 21.1 කදී කඩුල්ලක් දැවී 101 යි
(අරෝෂ සිතුමිණ නොදැවී 58, ඔෂේන් කල්හාර 17)


අදහස් (0)

රත්ගම දේවපතිරාජය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.