අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල සහ එඩේරමුල්ල ශාන්ත ජෝෂප් විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද රාජපක්ෂ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහින්ද රාජපක්ෂ විදුහලේ සුනෙත් මධුෂාන් (112) සහ මිලංක සසංග (103) ශතක ලබාගත්හ.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 207
(ඉසුරු පින්ටෝ 72, අභිනන්ද රංදික 39, හංසජ ඉෂාන් 24, සංඛ යශෝදන 48/6, සත්නිම් සිප්සර 31/2)
මහින්ද රාජපක්ෂ විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 433
(සුනෙත් මධුෂාන් 112, මිලංක සසංග 103, දිල්මින් තාරක 66, සංගීත් ෂෙහාර 56, සංඛ යශෝදන 24, සන්නිම් සිප්සර 20, ඉසුරු උදාන 61/4, ආලෝක මධුෂාන් 73/2)
ශාන්ත ජෝෂප් විදුහල් දෙවනි ඉනිම - කිසිවකු නොදැවී 94
(ඉසුරු පින්ටෝ 41, විකුම් තරුෂ 44)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.