
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල් ‘බී’ කණ්ඩායම අතර බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 84 ක ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක මැදි විදුහල සමත් විය.
එහිදී බණ්ඩාරනායක මැදි විදුහලේ හසිඳු පෙරේරා ලකුණු 27 කට කඩුලු 8 ක්ද, සෙනුම් රාජපක්ෂ ලකුණු 09 කට කඩුලු 6 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජනාධිපති විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 33
(සෙනුම් රාජපක්ෂ 09/6, හසිඳු පෙරේරා 09/2)
බණ්ඩාරනායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 25.4 කදී කඩුලු 4 ක් දැවී 151
(සසින්ත දිසානායක 52, කාංචන සම්පත් නොදැවී 21, සවිඳු අවිෂ්ක 25/2)
ජනාධිපති විදුහල් ‘බී’ පිලේ දෙවැනි ඉනිම - ඕවර 21.3 කදී සියලු දෙනා දැවී 34
(හසිඳු පෙරේරා 18/6, කාංචන සම්පත් 14/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.