Last Update  :  2026-01-25 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කොළඹ රාජකීය ‘බී’ - මාතලේ ශා. තෝමස් අවසන් තරගය හෙට කොළඹදී
13 න් පහළ ක්‍රිකට්

කොළඹ රාජකීය ‘බී’ - මාතලේ ශා. තෝමස් අවසන් තරගය හෙට කොළඹදී

editorial - 2026 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳුදා (හෙට) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පාසල් කණ්ඩායම් 85 ක් සහභාගි වූ මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිව කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය තරග වදිති.

කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර, අවසන් පූර්ව වටයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ පිල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී කැළණිය ශ්‍රී ධර්මාලෝක  විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, අවසන් පූර්ව වටයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල දෙවිජ රණසිංහ විසින් මෙහෙයවනු ලබන අතර මාතලේ ශාන්ත තෝමස් විද්‍යාල පිල නෙහාන් ඒකනායක විසින් මෙහෙයවනු ලබයි.

 

කොළඹ රාජකීය විදුහල් ‘බී’ සංචිතය:

දෙවිජ රණසිංහ (නායක), සෙනුජ දිසානායක, තෙනුක සිල්වා, රුවනිඳු රත්නායක, ඉසජ ගුණසේන, සමිත් දොරකුඹුර, දෙව්මිත් ගුණවර්ධන, උදර්ෂ පෙරේරා, සෙනුත් කහඳව, සන්යුත් ගුණවර්ධන, හිරුත් කරුණානායක, ෂෙනාන් යෙහස්, ඩේචන් ජයසිංහ,  ඉමංක විජේරත්න, පහන් දොඩංගොඩ, නිවෙත් මින්තරු සහ  මොහොමඩ් උස්මාන්,

ආර්.ඒ.එස්. එරන්දි මහත්මිය (කණ්ඩායම් භාර ආචාරිනි), සඳරුවන් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), වසන්ත සතරසිංහ (පුහුණුකරු), නිකිල් ප්‍රනාන්දු (පුහුණුකරු), දේශාන් ප්‍රනාන්දු (පුහුණුකරු)

 

 

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය සංචිතය:

නෙහාන් ඒකනායක (නායක), චේනුක රෙහාන්, දුලේන් ගොඩලියද්ද, දෙනෙත් ඉඳුවර, විමුක්ති සෙනෙවිරත්න, රන්දේශ් තිලකරත්න, මිහිදුම් යෙහන්ස, තේනුක නිම්සර, තුසිරු ද සිල්වා, ශ්‍රියන්ත දිඹිකොටුව, දින්සර බණ්ඩාර, ශනිදු අශේන්, නෙතුම් වීරසිංහ, ජවිදු ෆොන්සේකා සහ මොහොමඩ් හම්ඩි,

දමිත් දසනායක (ක්‍රිකට් භාර ආචාර්ය), මතීෂ රශ්මික (පුහුණුකරු)


අදහස් (0)

කොළඹ රාජකීය ‘බී’ - මාතලේ ශා. තෝමස් අවසන් තරගය හෙට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.