Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉනිමක ජයක්
19 න් පහළ ක්‍රිකට්

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉනිමක ජයක්

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින්  සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව  ඉනිමක සහ ලකුණු 51ක ජයක් ලැබීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

වත්තලදී පැවැති මෙම තරගයේදී ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ප්‍රවිෂ්ක නදීන් පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් ලබාගත්තේය. තරුෂ රණසිංහ තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර දේවානන්ද දෙවැනි ඉනිමේදී ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගත්  කවිඳු සිල්වා ලයිසියම් පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

 

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම  128 යි 
(නිසිත් තේජව 25, රවිඳු ද සිල්වා 20, කවිඳු සිල්වා 25/4, තරුෂ රණසිංහ 22/3, රසිත් නිම්සර 27/2)
  
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම කඩුලු 9ට 278 යි 
(ප්‍රවිශ්ක නදීන් නොදැවී 102, තරුෂ රණසිංහ 68, සවිඳු සිල්වා 27, ගගන් පෙරේරා 23, කෙවින් පෙරේරා 22, රවිඳු ද සිල්වා 77/4, මිණිඳු ඕෂධ 48/3)

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම  99 යි 
(නිසිත් තේජව 31, දනිඳු ඉනෝෂ 28, රවිඳු ද සිල්වා 24, කවිඳු සිල්වා 27/5, තරුෂ රණසිංහ 49/5)


අදහස් (0)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.