Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School යෙනුල - විමත් ශතක ලබති
19 න් පහළ ක්‍රිකට්

යෙනුල - විමත් ශතක ලබති

editorial - 2025 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින්  සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ යෙනුල දෙව්තුස සමත්විය. ජය පැරදුමෙන් තොරව අවසන් වූ මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විමාත් දින්සර කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන්ද පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කළේය. 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී රාජකීය විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දැක්වූ යෙනුල, ලකුණු 138 ක් රැස් කළේය. පසුව පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වමින් කඩුලු 3 ක් දවාගත්තේය. 

 

ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 308 යි 
(යෙනුල දෙව්තුස 138, රිෂ්ම අමරසිංහ 69, සෙනුජ වැකුණගොඩ 34, අභිෂේක් ජයවීර 28, රමිරු පෙරේරා 80/3, යසිඳු දිසානායක 07/2, දුෂේන් උඩවෙල 59/2)

රාජකීය විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 375 යි
(විමත් දින්සර 122, රෙහාන් පීරිස් 56, ඉසුල ගීගනගේ 49, රමිරු පෙරේරා 31, යසිඳු දිසානායක නොදැවී 37, තෙවිඳු වේවැල්වල 30, යෙනුල දෙව්තුස 100/3, නිම්නක ගුණවර්ධන 47/2)


අදහස් (0)

යෙනුල - විමත් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.