Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් තරග බිමේ සුපිරි දස්කම් පෑ යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. පිලට එරෙහිව ලකුණු 10-6 ක තියුණු ජයක් වාර්තා කළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ඩයලොග් කුසලාන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිතභාවය තවදුරටත් රැකගත්තේය. මෙය හැව්ලොක්ස් කණ්ඩායම පිට පිට ලැබූ තුන්වැනි ජයග්‍රහණය ද විය.
හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක් සහ දඬුවම් පහරක් එක්වූ අතර සී.ආර්.පිල ලකුණු ලැබුවේ දඬුවම් පහර දෙකකින් පමණි.
හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකධාර මැද ඊයේ (19) පැවැති මේ තරගය තියුණු මුහුණුවරක් ගත්තේ ආරම්භයේ සිටමය. වර්ෂාව හේතුවෙන් පිටිය සිසාරා මඩ ඇවිස්සී තිබූ අතර ඒ කිසිවක් ගණනකට නොගත් මේ ප්‍රබල කණ්ඩායම් තරග වැදුණේ ජයග්‍රහණයේ අදිටනින් පමණි.
ආරම්භයේ දීම රීසා මුබාරක්ගේ දඬුවම් පහරකින් ලකුණු 3-0 කින් පෙරමුණ ගැනීමට සී.ආර්. පිල සමත්වූවත් පළමු භාගය නිමාවට පත්වෙද්දී හැව්ලොක්ස් පිල ලකුණු 7-3 කින් පෙරමුණ ගත්තේ ප්‍රසාද් මධුසංඛ තැබූ අගනා උත්සාහක දිනුමක් දුලාජ් පෙරේරා ගෝලයක් බවට පත් කිරීම නිසාය.
දෙවැනි භාගයේදී දෙපිලම කරට කර සටනක නිරත වූවත් උත්සාහක දිනුමක් තැබීමට නම් දෙපිලමට හැකි වූයේ නැත. දුලාජ් පෙරේරා සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු සංඛ්‍යාව 10-3 කින් ඉහළ නංවාලීමට හැව්ලොක්ස් පිල සමත්වූ අතර පසුව රීසා මුබාරක් ද සිත්ගන්නා දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ දැමුවේය. එහෙත් ඉන් පසුව දෙපිලටම ලකුණු රැස් කිරීමට නොහැකි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.