Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් 43-10 කින් ජය ලබයි

හැව්ලොක්ස් 43-10 කින් ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

   
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සතියේ තරග ආරම්භ කරමින් හම්බන්තොට ශාක්ස් පිල සහ හැව්ලොක්ස් පිල අතර අද (02) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 43-10 ක ජයක් ලැබූහ.

ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක්ස් පිල මෙවර ලැබූ පස්වැනි ජයග‍්‍රාහණය මෙය වේ.

ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු ලැබීය. හම්බන්තොට ශාක්ස් පිල ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු කර ගත්තේය.

හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-3 ක් ලෙස පෙරමුණේ පසුවිය.

 

- 048


අදහස් (0)

හැව්ලොක්ස් 43-10 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.