Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සුමංගල - ශාන්ත ජෝන් අවසන් තරගවලට
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

සුමංගල - ශාන්ත ජෝන් අවසන් තරගවලට

editorial - 2023 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අගමැති කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහලත්, සභාපති කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලත් ඊයේ (7 වැනිදා) සමත් විය.

අගමැති කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව ලකුණු 26-13 ක ජයක් වාර්තා කරමින් සුමංගල විදුහල අවසන් තරගයට පිවිසියේය. ශාන්ත ජෝන් විදුහල අවසන් තරගයට පිවිසියේ සභාපති කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී කටුගස්තොට රාහුල විදුහලට එරෙහිව ලකුණු 53-03 ක ජයක් ලබමිනි.

සුමංගල - මලියදේව තරගයේදී සුමංගල විදුහල ගෝල දිනුම් 6 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කළ අතර මලියදේව විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි. ශාන්ත ජෝන් - රාහුල තරගයේදී ශාන්ත ජෝන් විදුහල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර රාහුල් විදුහල ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගිනි.

අගමැති කුසලාන අවසන් මහ තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව සුමංගල විදුහල තරග වැදීමට නියමිත අතර සභාපති කුසලාන අවසන් මහ තරගයේදී ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහලට එරෙහිව ශාන්ත ජෝන් විදුහල තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම අවසන් මහ තරග දෙක පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ තවමත් තීරණය කර නොමැත.

 


අදහස් (0)

සුමංගල - ශාන්ත ජෝන් අවසන් තරගවලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.