Last Update  :  2026-02-12 00:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - සී.එච්. අවසන් තරගයට පොරබදති

සී.ආර්. - සී.එච්. අවසන් තරගයට පොරබදති

editorial - 2026 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද) 
 
අන්තර් සමාජ රග්බි ලීගයේ සුපිරි වටයේ අවසන් සතිය ආරම්භ වන විට කුසලාන ශූරතාව සඳහා වන ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක අතර ස්ථානයක් හිමිකර ගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර තියුණු සටනක් නිර්මාණය වී තිබේ. 
 
ලකුණු 51 ක් ලබාගනිමින් මහනුවර ක්‍රීඩා සමාජය කල් තියාම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත් බැවින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හැක්කේ තවත් එක් කණ්ඩායමකට පමණි. මේ වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 48 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේද, සී.එච්. කණ්ඩායම ලකුණු 43 ක් ලබා එහි තෙවැනි ස්ථානයේද රැදී සිටියි. 
 
අවසන් සතියේදී සී.ආර්. කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිත අතර සී.එච්. කණ්ඩායම හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. සී.ආර්. කණ්ඩායමට අවසන් මහ තරගයට පිවිසීම සඳහා එම තරගයේදී මහනුවර කණ්ඩායම පරාජය කිරීම ප්‍රමාණවත් වනු ඇත.  
 
යම් හෙයකින් ඔවුන් මහනුවර කණ්ඩායම හමුවේ පරාජය වන්නේ නම්, ප්‍රසාද ලකුණ සමග පරාජය වීමද අවසන් මහ තරගයට පිවිසීම සඳහා ප්‍රමාණවත් වනු ඇත. එහිදී සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණ නොමැතිව පරාජයට පත්වන්නේ නම් ඔවුන්ට අවසන් මහ තරගයට පිවිසීම සඳහා සෙසු තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ සී.එච්. කණ්ඩායම පරාජයට පත්වන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. 
 
සී.එච්. කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා අවසන් සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ඔවුන්ට එම අවස්ථාව උදා කරගැනීම සඳහා සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණක් නොමැතිව මහනුවර කණ්ඩායම හමුවේ පරාජය වන තෙක් බලා සිටීමටද සිදුවනු ඇත. කුසලාන ශූරතාව සඳහා වන අවසන් මහ තරගය මෙම මස 21 වැනිදා පැවැත්වෙනු ඇත. 
 
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.
 
 
කුසලාන වටයේ තෙවැනි සතියේ තරග 
පෙබ. 14 - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී - පස්වරු 6.00 ට
 
පෙබ. 15 - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී - පස්වරු 4.00 ට 
 

අදහස් (0)

සී.ආර්. - සී.එච්. අවසන් තරගයට පොරබදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.