Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සාන්ත තෝමසුවෝ කිංග්ස්වුඩ් පරදවති
ඩයලොග් පාසල් රග්බි

සාන්ත තෝමසුවෝ කිංග්ස්වුඩ් පරදවති

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (31 වැනිදා) පැවති තරගයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 36-08 පහසු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී සාන්ත තෝමස් විදුහල ක්‍රීඩා කළ අවසන් තරගය මෙය වූ අතර එහිදී ඔවුන් ලැබූ දෙවැනි ජයග්‍රහණයද මෙය විය. මෙම පරාජයත් සමග කිංග්ස්වුඩ් විදුහල මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 5 න්ම පරාජයට පත්විය.  

මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-08 ක් ලෙස සාන්ත තෝමසුවෝ පෙරමුණ ගත්හ. එහිදී සාන්ත තෝමස් විදුහල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සමග ලකුණු ලබාගත් අතර කිංග්ස්වුඩ් විදුහල ලකුණු ලබාගත්තේ එක් උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.

දෙවැනි අර්ධයේදී තවත් ගොල් දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් ලබාගත් සාන්ත තෝමසුවෝ, එහිදී කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට සාන්ත තෝමස් විදුහලට ලකුණු 36-08 ක පහසු ජයක් අත්විය.  


-036

 


අදහස් (0)

සාන්ත තෝමසුවෝ කිංග්ස්වුඩ් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.