Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරා විදුහල අවසන් විනාඩියේදී ජය ලබයි
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

සහිරා විදුහල අවසන් විනාඩියේදී ජය ලබයි

editorial - 2023 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (25 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 15-13 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මරදාන සහිරා විදුහල සමත් විය.

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වෙන ජනාධිපති කුසලාන පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව මරදාන සහිරා විදුහල තරග බිමට පිවිසීමට නියමිතය. තරගාවලිය ආරම්භ වීමටත් පෙරාතුව ඉසිපතන විදුහල නිතරග ජයක් ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියේය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති ඩී.එස්. - සහිරා තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 08-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. එහිදී ඩී.එස්. සේනානායක විදුහල දඬුවම් පහරක් සහ උත්සාහක දිනුමක් මගින්ද, සහිරා විදුහල ගෝල දිනුමක් මගින්ද ලකුණු ලබාගත්තේය.

දෙවැනි අර්ධයේදී දෙපිලම උත්සාහක දිනුම බැගින් ලබාගැනීමට සමත් වූ අතර ඒ අනුව අවසන් විනාඩිය ආරම්භ වන විට ලකුණු 13-12 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල, සහිරා විදුහලට වඩා ලකුණක් ඉදිරියෙන් පසුවිය. කෙසේ වුවත් අවසන් විනාඩියේදී හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ ජය තමන් සතුකර ගැනීමට සහිරා ක්‍රීඩකයෝ සමත් වූහ.
ඊයේ පැවැති අගමැති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයකදී කොළඹ ලුම්බිණි විදුහලට ලකුණු 32-29 ක ජයක් ලැබීමට පිළියන්දල මැදි විදුහලද, සභාපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයකදී ගාල්ල රිච්මන්ඩ් විදුහලට එරෙහිව ලකුණු 18-03 ක ජයක් ලැබීමට ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහලද සමත් විය.

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනිදා පැවැත්වෙන අගමැති කුසලාන පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව පිළියන්දල මැදි විදුහලත්, සභාපති කුසලාන පළමු අවසන් පූර්ව තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලලිත් ඇතුළත්මුදලි විදුහලත් තරග බිමට අවතීර්ණ වනු ඇත.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

සහිරා විදුහල අවසන් විනාඩියේදී ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.