Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සත් සමාජික රග්බි ශූරතාව වෙස්ලි විදුහලට

සත් සමාජික රග්බි ශූරතාව වෙස්ලි විදුහලට

editorial - 2025 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානත්වයෙන් මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති වයස 18 න් පහළ අන්තර් පාසල් සත් සමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය. අවසන් මහ තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 19-12 ක ජයක් වාර්තා කරමින් වෙස්ලි ක්‍රීඩකයෝ මෙවර කුසලාන ශූරතාවට හිමිකම් කීහ. 

මූලික වටයේදී ලකුණු 40-00 ක් ලෙස ශාන්ත බෙනඩික් විදුහලද, ලකුණු 29-05 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහලද පරාජය කරමින් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඩී.එස්. සේනානායක විදුහල, අවසන් පූර්ව වටයට පිවිසියේ මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 24-00 ක ජයක් ලබමිනි. 

ලකුණු 40-00 ක් ලෙස පානදුර ශ්‍රී සුමංගල විදුහලත්, ලකුණු 21-12 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහලත් මූලික වටයේදී පරාජය කළ වෙස්ලි විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 26-19 ක ජයක් වාර්තා කරමින් කුසලාන අවසන් පූර්ව වටයට පිවිසියේය. 

අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 19-12 ක ජයක් වාර්තා කරමින් ඩී.එස්. සේනානායක විදුහල අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. වෙස්ලි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 14-10 ක ජයක් ලබමිනි. 

කුසලාන අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ කණ්ඩායම් අතර පළඟ ශූරතාව වෙනුවෙන් තරග පැවැති අතර එහිදී ඉසිපතන විදුහල එරෙහිව ලකුණු 28-14 ක ජයක් ලබමින් මහනුවර ශ්‍රී සුමංගල විදුහලත්, සහිරා විදුහලට එරෙහිව ලකුණු 21-19 ක ජයක් ලබමින් ලුම්බිණී විදුහලත් අවසන් තරගයට පිවිසියේය. 

අවසන් තරගයේදී ලුම්බිණී විදුහලට එරෙහිව ලකුණු 33-17 ක් ජයක් වාර්තා කළ ශ්‍රී සුමංගල විදුහල තරගාවලියේ පළඟ ශූරතාව හිමිකර ගත්තේය. බඳුන අවසන් මහ තරගයේදී ලකුණු 26-24 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කිරීමට කොළඹ ආනන්ද විදුහලත් පලිහ අවසන් මහ තරගයේදී ලකුණු 33-05 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලත් සමත් විය. 


කුසලාන ශූරතාව 
අවසන් මහ තරගය 
වෙස්ලි විදුහල විසින් ලකුණු 19-12 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරන ලදි.
 
අවසන් පූර්ව තරග 
ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 19-12 ක් ලෙස ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි. 
වෙස්ලි විදුහල විසින් ලකුණු 14-10 ක් ලෙස විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි. 


පළඟ ශූරතාව 
අවසන් මහ තරගය 
ශ්‍රී සුමංගල විදුහල විසින් ලකුණු 33-17 ක් ලෙස ලුම්බිණී විදුහල පරාජය කරන ලදි. 
අවසන් පූර්ව තරග 
ශ්‍රී සුමංගල විදුහල (මහනුවර) විසින් ලකුණු 28-14 ක් ලෙස ඉසිපතන විදුහල පරාජය කරන ලදි. 
ලුම්බිණී විදුහල විසින් ලකුණු 21-19 ක් ලෙස සහිරා විදුහල පරාජය කරන ලදි. 

බඳුන ශූරතාව 
අවසන් මහ තරගය 
ආනන්ද විදුහල විසින් ලකුණු 26-24 ක් ලෙස තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි. 
අවසන් පූර්ව තරග 
ආනන්ද විදුහල විදුහල විසින් ලකුණු 21-17 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි. 
තර්ස්ටන් විදුහල විසින් ලකුණු 25-12 ක් ලෙස කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි. 

පලිහ ශූරතාව 
අවසන් මහ තරගය 
ශාන්ත ඇලවීෂියස් විදුහල විසින් ලකුණු 33-05 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කරන ලදි. 
අවසන් පූර්ව තරග 
ශාන්ත ඇලවීෂියස් විදුහල විදුහල විසින් ලකුණු 24-19 ක් ලෙස නුගවෙල මැදි විදුහල පරාජය කරන ලදි. 
ධර්මරාජ විදුහල විසින් ලකුණු 26-05 ක් ලෙස ශ්‍රී සුමංගල විදුහල (පානදුර) පරාජය කරන ලදි. 


අදහස් (0)

සත් සමාජික රග්බි ශූරතාව වෙස්ලි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.