Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත ජෝෂප් - ශාන්ත පීතර අවසන් පූර්ව වටයට
පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි

ශාන්ත ජෝෂප් - ශාන්ත පීතර අවසන් පූර්ව වටයට

editorial - 2023 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. දෙවිදුහල් අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය සැප්තැම්බර් මස 3 වැනිදා පස්වරු 4.15 සිට කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සෙනසුරාදා (26 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 57-00 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ අද (27 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 25-13 ක ජයක් වාර්තා කරමිනි.

අද සහ පෙරේදා පැවැති අගමැති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගවලදී කොළඹ මහානාම විදුහලට එරෙහිව නිතරග ජයක් ලැබීමට කුරුණෑගල මලියදේව විදුහලත්, කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 24-20 ක ජයක් ලැබීමට මහනුවර ශ්‍රී සුමංගල විදුහල සමත් විය. ඒ අනුව මලියදේව විදුහල සහ ශ්‍රී සුමංගල සැප්තැම්බර් මස 3 වැනිදා පස්වරු 2.00 ට අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

සති අන්තයේ පැවැති සභාපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගවලදී ජය ලැබීමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ මාතර රාහුල විදුහල සමත් විය. එම තරගවලදී පිළිවෙලින් ලකුණු 46-10 ක් ලෙස කොළඹ නාලන්දා විදුහලත්, ලකුණු 27-07 ක් ලෙස පාදුක්ක සිරි පියරතන විදුහලත් පරාජයට පත්විය.  ශාන්ත ජෝන් විදුහල සහ රාහුල විදුහල විදුහල අතර අවසන් පූර්ව තරගය සැප්තැම්බර් මස 3 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වේ.


ජනාධිපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරග
මරදාන ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 57-00 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 25-13 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදි.

අගමැති කුසලාන අර්ධ අවසන් පූර්ව තරග
කොළඹ මහානාම විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල නිතරග ජයක් ලැබීය.
මහනුවර ශ්‍රී සුමංගල විදුහල විසින් ලකුණු 24-20 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි.

සභාපති කුසලාන අර්ධ අවසන් පූර්ව තරග
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල විසින් ලකුණු 46-10 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කරන ලදි.
මාතර රාහුල විදුහල විසින් ලකුණු 27-07 ක් ලෙස පාදුක්ක සිරි පියරතන විදුහල පරාජය කරන ලදි.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ශාන්ත ජෝෂප් - ශාන්ත පීතර අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.