Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා වෙළෙඳ සේවා රග්බි සංගමය සංවිධානය කරන 53 වැනි වෙළෙඳ සේවා රග්බි තරගාවලිය හෙට (12 වැනිදා) සහ අනිද්දා (13 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් 20 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කුසලාන, බඳුන සහ පලිහ යන ශූරතා සඳහා තරග පැවැත්වෙනු ඇත. එහිදී කුසලාන ශූරතාව සඳහා කණ්ඩායම් 6 ක්ද, බඳුන ශූරතාව සඳහා කණ්ඩායම් 4 ක්ද, පලිහ ශූරතාව සඳහා කණ්ඩායම් 10 ක්ද තරග වැදීමට නියමිතය.
තරගාවලියේ පළමු දිනය වන හෙට (12 වැනිදා) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා මූලික වටයන්හි තරග පැවැත්වෙන අතර දෙවැනි දිනය වන අනිද්දා (13 වැනිදා) පෙරවරු 10.0 සිට පස්වරු 6.00 දක්වා අවසන් වටයන්හි තරග පැවැත්වෙනු ඇත.
තෙවැනි වරටත් මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මාස්ටර්කාඩ් සමාගම කටයුතු කරන අතර එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස්, ප්‍රීමා කොත්තු මී, ටර්බෝ ශක්ති ජනක පානය, අයඩෙකෙස් යන සමාගම් සහ ආයතන එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.
තරගාවලියේ විනිෂ්චය කටයුතු මෙයෙහවීම සඳහා එංගලන්ත ජාතික විනිසුරවන් දෙපළක් වන ඩෑන් සහ ටොම් යන මහත්වරුන්ගේ සේවය ලබාගැනීමටද සංවිධායකයන් පියවර ගෙන තිබේ.
ඉකුත් වසරේ (2024) පැවැති තරගාවලියේදී කුසලාන ශූරතාව දිනාගැනීමට ජෝන් කීල්ස් සමාගම සමත් වූයේ අවසන් මහ තරගයේදී සී.ඩී.බී. බැංකුවට එරෙහිව ලකුණු 27-00 ක ජයක් වාර්තා කරමිනි.
සම්පත් බැංකුවට එරෙහිව ලකුණු 39-12 ක ජයක් ලැබූ පර්ල් බීච් පැරඩයිස් සමාගම එවර පළඟ ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. ලකුණු 21-05 ක් ලෙස සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම පරාජය කළ මෝසෑන්ඩ් සමාගම බඳුන ශූරතාවටත්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ‘බී’ කාණ්ඩායම ලකුණු 28-10 ක් ලෙස බ්‍රැන්ඩික්ස් සමාගම පලිහ ශූරතාවටත් හිමිකම් කීහ.
කුසලාන ශූරතාව
‘ඒ’ කාණ්ඩය
ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් සමාගම, පර්ල් බීච් පැරඩයිස් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම
‘බී’ කාණ්ඩය
සම්පත් බැංකුව, සී.ඩී.බී. බැංකුව සහ හේලීස් සමූහ ව්‍යාපාරය
බඳුන ශූරතාව
‘සී’ කාණ්ඩය
කාර්ගීල්ස් බැංකුව, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, එච්.එන්.බී. බැංකුව සහ සෙලාන් බැංකුව
පලිහ ශූරතාව
‘ඩී’ කාණ්ඩය
හේමාස් හෝල්ඩිංග්ස් සමාගම, එන්.ඩී.බී. බැංකුව, කමාර්ෂල් ක්‍රෙඩිට් ෆිනෑන්ස් සමාගම, කමාර්ෂල් බැංකුව, මාස් හෝල්ඩිංග්ස් සමාගම
‘ඊ’ කාණ්ඩය
ෆෝසයිට් ඉන්ජිනියරිං සමාගම, ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් සමාගම, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ මොර්ස් සමාගම සහ එල්.ඕ.එල්.සී. හෝල්ඩිංග්ස් සමාගම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.