Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
විද්‍යාර්ථ විදුහලත් ශාන්ත සිල්වෙස්තර විදුහලත් අතර බෝගම්බර ක්‍රීඩා පිටියේදී පැවති බර්ටි නිල්ලේගොඩ - පී.එම්.එල්. බණ්ඩා කුසලාන රග්බි තරගයේදී 38-14 ක පහසු ජයක් වාර්තා කරමින් එම කුසලානය දිනා ගැනීමට විද්‍යාර්ථ රග්බි පිල සමත් විය.
ප්‍රථම අර්ධය නිමාවන විටට ලකුණු12-09 ක් වශයෙන් විද්‍යාර්ථ පිල ඉදිරියෙන් සිටි මෙම තරගයේ ජයග්‍රාහී විද්‍යාර්ථ පිල ගෝල දිනුම් 04 ක් සහ උත්සාහක දිනුම් 02 ක්වශයෙන් ලකුණු රැස්කළේය. ශාන්ත සිල්වෙස්තර පිල උත්සාහක දිනුමක්, දඬුවම් පහර 02ක් සහඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු රැස් කළේය.
ජයග්‍රාහී විද්‍යාර්ථ පිල වෙනුවෙන් ප්‍රවීන් ද මැල් උත්සහක දිනුම් 03 ක්ද කෙවින් කරුණාතිලක සහ අයෝධ්‍ය ප්‍රනාන්දු උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. සදෙව් දිල්සර උත්සහක දිනුම් 03ක් ගෝල දිනුම් බවට පත් කළේය.
ශාන්ත සිල්වෙස්තර විදුහල වෙනුවෙන් ක්‍රිෂාන්ත එරන්ද උත්සාහයක දිනුමක්ද ටිෂාන් මැදගෙදරඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහර 02ක් ද සාර්ථක කරගත්තේය.
ජීවක ෆොන්සේකා මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය.
ජයග්‍රාහී විද්‍යාර්ථ පිල කුසලානය අතැතිව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.