Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වැලිසරදී උත්සාහක දිනුම් වැස්සක්

වැලිසරදී උත්සාහක දිනුම් වැස්සක්

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැඳෑ කාලයේ වැහි මන්දාරම තිබියදීම උත්සාහක දිනුම් වර්ෂාවකින් දුර්වල සී.එච්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩා සමාජය තෙමා දැමූ නාවික හමුදා ක්‍රීඩකයෝ ‘ඩයලොග් කුසලාන’ අන්තර් සමාජ  ලීග් රග්බි තරගාවලියේ සිය තුන්වැනි ජයත් වාර්තා කළහ.


වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවැති මේ තරගයේ දී නාවික හමුදාව තරගය නිමකළේ ලකුණු 55-3 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගනිමිනි.


සී. එච්. පිලට අමතක නොවන පරාජයක් උරුම කරදුන් නැවියන් තරගය පුරා උත්සාහක දිනුම් 9 ක්ම තැබූ අතර ඉන් 5 ක් ගෝල බවට පත් කරද්දී සී.එච්. පිලට උරුම වූයේ දඬුවම් පහරකින් ලද ලකුණු 3 ක් පමණි.


තරගයේ ආරම්භයේ සිටම හිතේ හැටියට සිය අණසක පතුරුවා ලූ නාවික හමුදා පිලට පළමු භාගයේ දී  චානක චන්දිමාල්, තිළිණ වීරසිංහ සහ ලී කීගල් උත්සාහක දිනුම බැගින් එක් කළ අතර ඉන් අනතුරුව දුලාංජන විජේසිංහ උත්සාහක දිනුම් දෙකක් තබා පළමු භාගය නිමාවීමට පෙරම සිය කණ්ඩායමේ ජයග්‍රහණයේ මංපෙත් විවර කළේය.


දෙවැනි භාගයේදී නිවංක ප්‍රසාද්, හර්ෂ මධුරංග, ස්ටෙෆාන් ග්‍රෙගරි සහ ළහිරු හේරත් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. නැවියන් විසින් තබනු ලැබූ උත්සාහක දිනුම් 9 න් 5 ක්ම ගෝල බවට පත් කිරීමට තිළිණ වීරසිංහ සමත්විය.


අදහස් (0)

වැලිසරදී උත්සාහක දිනුම් වැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.