Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලවන්ග පෙරේරා ශී‍්‍ර ලංකා පිලට එක්වෙයි

ලවන්ග පෙරේරා ශී‍්‍ර ලංකා පිලට එක්වෙයි

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ සිවුවැනි සහ අවසන් අදියර වන සිංගප්පූරු සත් සමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට ලවන්ග පෙරේරා එක්විය. මහනුවර කිංග්ස්වුඞ් විදුහලෙන් ශ්‍රී ලංකා රග්බි පිටියට පැමිණි 21 හැවිරිදා ලවන්ග පෙරේරා මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරයි.

ෆාසීල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව සිටියේය. මෙම තරගාවලිය මේ මස 9 සහ 10 දෙදින පැවැත්වේ. 
මේ දක්වා පැවැති අදියර තුනේදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව ආසියා සත් සාමාජික රග්බි ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ පසු වෙයි.

පළමු වටයේදී ‘සී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකාව, සෙනසුරාදා පස්වරු 1.20 ට ඉන්දුනිසියාවට එරෙහිව ද, පස්වරු 3.20 ට පිලිපීනයට එරහෙිව ද, තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම
ෆාසීල් මරීජා (නායක), ෂෙහාන් පතිරණ, සාලිය කුමාර, ජේසන් දිසානායක, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, චූලා සුසන්ත, මිතුන් හපුගොඩ, සඳුන් හේරත්, චාමර දාබරේ, නයිජල් රත්වත්ත, ලවන්ංග පෙරේරා සහ සුදර්ශන මුතුතන්ත‍්‍රි

නිලධාරීන්
නිල්ෆර් ඉබ‍්‍රාහිම් මහතා (පුහුණුකරු), රොහාන් චින්තක මහතා (කළමනාකරු),  අමිත් ජයසේකර මහතා  (භෞතචිකිත්සක)
 


අදහස් (3)

ලවන්ග පෙරේරා ශී‍්‍ර ලංකා පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.