හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතු වන යුද හමුදා රග්බි පිලේ නායක රෝහිත රාජපක්‍ෂ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (17) පැවැති අන්තර් සමාජ රග්බි තරගය අවසන් වූ වහාම දැඩි රැකවරණ මධ්‍යයේ ක‍්‍රීඩාංගණය
මැදින් ගොස් ක‍්‍රීඩාංගණයෙන් පිටව ගියේය.
එහිදී රෝහිත රාජපක්‍ෂට නිල ආරක්‍ෂකයා යැයි කිව හැකි පුද්ගලයකු පමණක් දැකිය හැකි වූ අතර සෙසු පිරිස පෞද්ගලික ආරක්‍ෂකයන් යැයි අනුමාණ කළ හැකිය.
ආරක්‍ෂාව මධ්‍යයේ රථ ගාල වෙත ගිය රෝහිත රාජපක්‍ෂ පෞද්ගලික රථයකින් ක‍්‍රීඩාංගණයෙන් පිටව ගියේය.
මීට පෙර රෝහිත රාජපක්‍ෂ සහභාගි වූ රග්බි තරගයකදී ඔහු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සහ සෙසු සුබ පතන්නන් සමඟ කාලය ගතකර ක‍්‍රීඩාංගණයෙන් පිටත්ව ගියද අද තරගයේදී එම තත්ත්වයේ වෙනසක් දැකගත හැකිවිය.
මෙම තරගය නැරඹීමට යුද හමුදාපති දයා රත්නායක මහතා පැමිණ සිටි අතර ඒ හේතුවෙන් ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව තරකර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.