Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (22 වැනිදා) පැවති තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 17-03 ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
මෙවර තරගාවලියේ මූලික වටයේදී රාජකීයන් මුහුණදුන් තරග 5 ම මේ වන විට අවසන් වී ඇති අතර ඉන් තරග 4 ක් ජයගත් ඔවුහු පරාජයට පත්වූයේ එක් තරගයක් පමණි.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 07-03 ලෙස රාජකීය විදුහල ඉදිරියෙන් පසුවිය. එහිදී ගෝල දිනුමක් මගින් රාජකීය විදුහල ලකුණු රැස්කළ අතර ශාන්ත ජෝෂප් විදුහල ලකුණු රැස්කළේ දඬුවම් පහරක් මගිනි. තරගයේ 3 වැනි විනාඩියේදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් දිල්හාර සුබාෂ් එම දඬුවම් පහර සාර්ථක කරගත්තේය.
රාජකීය විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ රහීල් විජේසේකර 12 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් නබීල් යහිය සිය කණ්ඩායම ලකුණු 07-03 ක් ලෙස පෙරමුණට ගෙන ආවේය. තරගයේ 19 වැනි විනාඩියේදී ශාන්ත ජෝෂප් විදුහලට දඬුවම් පහරක් හිමිවුවද එය සාර්ථක කරගැනීමට දිල්හාර සුබාෂ් අසමත් විය.
දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 2 ක් සමගින් ලකුණු රැස්කළ රාජකීයයෝ, එහිදී ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන්හ. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 17-03 ක් ලෙස පහසුවෙන්ම තරගයේ ජය තමන් සතුකර ගැනීමට රාජකීය විදුහලට හැකි විය.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 14 ක් ගතවන විට එනම් 49 වැනි විනාඩියේදී ශාන්ත ජෝෂප් විදුහලට තවත් දඬුවම් පහරක් හිමිවුවද. එය සාර්ථක කරගැනීමටද දිල්හාර සුබාෂ්ට නොහැකි විය. අසාර්ථක වූ දඬුවම් පහර දෙක සාර්ථක කරගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් වූවා නම් රාජකීය විදුහලට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඔවුන්ට අනගි අවස්ථාවක් තිබිණ.
අවසන් විනාඩි 10 දක්වාම ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක නිරත වූ රාජකීය විදුහල, ඉන් අනතුරුව තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වෙමින් විනාඩි 2 ක් ඇතුළත උත්සාහක දිනුම් 2 ක් ලබාගත්තේය. 65 වැනි විනාඩියේදී ධෙනුජ සමනරත්නද, 67 වැනි විනාඩියේදී හස්නක හිග්ගොඩද එම උත්සාහක දිනුම් ලබාගත් අතර එවාහි ප්‍රවර්ථන සාර්ථක කරගැනීමට නබීල් යහිය අපොහොසත් විය.
ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේදී රාජකීය විදුහලේ ධෙනුජ සමනරත්න, තිවේන් පෙරේරා සහ යොවිඳු යෙතුගලද, ශාන්ත ජෝෂප් විදුහලේ සචින්ත විද්‍යාන සහ නිතික් රොද්‍රිගූද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. තරගයේ වීරයා රාජකීය විදුහලේ අබ්දුල්ලා යූසෆ් සම්මාන දිනාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.