
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඊයේ සෙනසුරාදා (3 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 97-16 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 40-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ රාජකීයයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 57 ක් එක්කර ගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. තර්ස්ටන් විදුහලට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි.
මෙම තරගයේදී රාජකීය විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් 7 ක් වාර්තා කිරීමට දිදුල ජයසූරිය සමත් වූ අතර අමික සමරසිංහ උත්සාහක දිනුම් 3 ක් ලබාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.