(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (24 වැනිදා) සමත් විය.
අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවැති තරගයවලදී ලකුණු 25-05 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමින් රාජකීය විදුහලත්, ලකුණු 32-23 ක් ලෙස මරදාන සහිරා විදුහල පරාජය කරමින් ත්‍රිත්ව විදුහලත් අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කරවා ගත්තේය.
ඒ අනුව අවසන් පූර්ව වටයේදී ත්‍රිත්ව විදුහල කොළඹ වෙස්ලි විදුහලට එරෙහිවත්, රාජකීය විදුහල කොළඹ ඉසිපතන විදුහලට එරෙහිවත් තරග බිමට පිවිසීමට නියමිතය. ඉන් ත්‍රිත්ව - වෙස්ලි තරගය මෙම මස 28 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත්, ඉසිපතන - රාජකීය තරගය 29 වැනිදා හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
එම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 4 වැනිදා පස්වරු 4.15 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.