Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීය - ත්‍රිත්ව අවසන් සටනට
ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය

රාජකීය - ත්‍රිත්ව අවසන් සටනට

editorial - 2026 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. 

සෙනසුරාදා (28) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 49-29 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් ත්‍රිත්ව විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. රාජකීය විදුහල අවසන් තරගයට පිවිසියේ ඉරිදා (29) හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 39-19 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමිනි. 

දෙවිදුහල් අතර පැවැත්වෙන අවසන් මහ තරගය අප්‍රේල් මස 4 වැනිදා පස්වරු 4.15 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තරග සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 


අදහස් (0)

රාජකීය - ත්‍රිත්ව අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.